මවුබිම දිනවූ වීර දියණිය තර්ජිනි ශිවලිංගම් ගැන ඔබ නොදත් කතාව..

ශ්‍රී ලංකාව ආසියානු කුසලාන දැල් පන්දු කුසලානය ජය ගත්තේය. ඒ අවසන් මහා තරගයේදි සිංගප්පූරූ කණ්ඩායම පරාජය කරමින්. ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අති විශිෂ්ඨ සේවයක් සිදු කළ ක්‍රීඩිකාව වූයේ පන්දු විදින ක්‍රීඩිකා තර්ජිනි ශිවලිංගම් ය.

මවුබිමට අභිමානයක් ගෙන ආ දර්ශිනිගේ ජීවිත කතාව නම් එතරම් සුන්දර නැත.

ලෝකයේ උසම නෙට්බෝල් ක්‍රීඩිකාව වන තර්ජිනි අඩි 6ක් සහ අගල් 10ක උසින් යුක්තය. 1980 උපන් තර්ජිනි 38 හැවිරිදිය. උතුරු පළාතේ උපත ලද සිය පවුල සහ සමීපතමයන්ද නොමැතිව කොළඹ ප්‍රදේශයේ කුලී නිවසක ජීවත් වන්නේ මවුබිම වෙනුවෙන් නෙට්බෝල් ක්‍රීඩා කිරීමට නම් කොළඹ ප්‍රදේශයේ ජීවත්ව සිටිය යුතුය. ඇය මවුබිමට මෙතරම් අභිමානයක් ගෙන එන්නේ එලෙස කටුක දිවියක් ගත කිරීම තුලිනි.

ඇයගේ නෙට්බෝල් දිවියේ හොදම කාළයේ ලොව හොදම නෙට්බෝල් ක්‍රීඩිකාව බවට පත්වීමට තර්ජිනිට හැකි විය. 2011 ලෝක ශූරතා නෙට්බෝල් තරගාවලියේදි ඇය ශ්‍රී ලංකා නායිකාව ලෙසින් කටයුතු කරමින් ලොව හොදම දැල් පන්දු විදින්නිය ලෙස සම්මානයට පාත්‍ර වූයේය.

කෙසේ වෙතත් බලධාරීන්ගේ නොපනත්කම් හේතුවෙන් ඇයට කලක් ජාතික කණ්ඩායමෙන් ඉවතට විසි වීමටද සිදු විය. එම නිසාම ඇය ඕස්ට්‍රේලියානු ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා කිරීමටද කලක් විදෙස් ගතවද සිටියේය. අවසානයේ සුදුස්සාට සුදුසු තැන ලැබුනු පසු සිය දක්ෂතා පෙන්වමින් මවුබිමට ආසියානු කුසලානය දිනවා දීමට ඇය සමත් විය.

යුධ ගිනි දැල් නිවුනු රටක ත්‍රස්තවාදීන්ගෙන් පීඩිතව තුවක්කු ඔසවා සිටි උතුරු පළාතේ දැරියන් දැල් පන්දුව ඔසවන යුගයක් දැන් නැවතත් ඇතිව තිබේ. මවුබිම දිනවන තර්ජිනිලා දහස් ගණනින් බිහිවේවා යන්න නෙත් ගොසිප් අප ප්‍රාර්ථනාවයි.

මවුබිම වෙනුවෙන් අපමණ කැප කිරීම් කරමින් මවුබිම දිනවූ තර්ජිනි, ඔබට දේශයේ උපහාරය!