මහරගම “සර්” නගරාධිපතිට යකා වැහෙයි..! සේවක පිරිසකට කාමරයේ දණ ගස්සවා පහරදීලා…

මහරගම නගර සභා නගරාධිපති ලෙස කටයුතු කරන ටිරාජ් ලක්රුවන් විසින් එහි විදුලි සේවකයන් සිව් දෙනෙකුට පහර දී ඇති බවට චෝදනා එල්ල වෙයි.

මෙම සේවකයන් සිවු දෙනා රාජාකාරී නිම කර නිවෙස් බලා යන අතරතුර පන්නිපිටිය ප‍්‍රදේශයේ පිහිටි අවන්හලක මත්පැන් පානය කරමින් සිටියදී නගරාධිපතිවරයා එහි ගොස් කම්කරුවන්ට පහර නගර සභා කාර්යාලයට කැදවා ඇතැයිද සදහන්ය.

කාර්යාලයේ දොර අගුළු දමා ඔවුන් දණ ගස්වා දරුණු ලෙස අතින් පයින් පහර දුන්නේ යයිද චෝදනා එල්ල කරයි.

මේ හේතුවෙන් අද දිනයේ නගර සභිවේ විදුලි සේවකයන් සේවයෙන් ඉවත් වීමටද තීරණය කර ඇත.

කෙසේ වෙතත් නගරාධිපතිවරයා සදහන් කරන්නේ කිසිදු පහර දීමක් සිදු නොකල බවත් බීමත්ව සේවයේ යෙදුනු සේවක පිරිසකට අවවාද කල බවත්ය.

– ලංකා සී. නිවුස්