පොලීසිය, අද වට වෙලා හෙට අපට ගහපල්ලා.. ඊට කලින් මේ ටික කියවලා වරෙල්ලා..

ඔව් හෙට ලක්ෂ සංඛ්‍යාත ජන ගඟක් කොළඹට එනවා… ඔව් උඹලා ලෑස්තියි ඒ එන උඹලගෙම මිනිස්සුන්ට වතුර ගහන්න.. බැට්න් ප්‍රහාර ගහන්න.. වෙඩි තියන්න.. කණෙන් ඇදන් ගිහින් කූඩුවේ දාන්න.. කාටද උඹලා එහෙම කරන්න හදන්නේ..

උඹලා රකින්න හදන රටට, ආදරේ මිනිස්සුන්ට.. ඒ රට වෙනුවෙන් කැක්කුමක් තියෙන මිනිස්සුන්ට.. බස් එකේ යද්දි උඹලට සීට් එකක් දුන්න මිනිස්සුන්ට.. උඹල අමාරුවෙන් ඉද්දි උඹලට ලේ ටිකක් දුන්න මිනිස්සුන්ට.. උඹලා එහෙම මිනිස්සුන්ට ගහන්නෙ ඇයි..

උඹලට එන අණ හින්දා.. කවුද උඹලට අණ දෙන්නේ.. උඹලා රකින්න හදන රට විනාශ කරන්න ඇවිල්ලා ඉන්න උන්. උඹලගෙ රට දෙකට කඩන්න හදන උන්. උඹලගෙ දරුවන්ට උරුම වෙන්න තියෙන ජාතික සම්පත් ටික විකුණන උන්.. උඹල දරුවන්ට කන්න ගෙනිහින් දෙන හාල් ඇටේට, පරිප්පු ඇටේට, පාං ගෙඩියට බදු ගහපු එවුන්.. උඹල රකින්න හදන රටේ මහ බැංකුව අමු දවාලේ කොල්ල කාලා මුලු රටේම ආර්ථිකය තුට්ටුවට බස්සපු උන්.. උඹලට රජ සැප දෙනවා කියලා උඹල වගෙම රණ විරුවෝ හිරේ දාපු එවුන්. එහෙව් උන්ගෙ අණ අහලා, උඹලා රකින රටට, පණ වගේ ආදරය කරන උන්ට ගහපල්ලා.. උඹලට ඕනනම් උන්ව මරපල්ලා..

හැබැයි මතක තියාගනිල්ලා.. අපි උඹලට වෛර කරන්නෙ නෑ.. අපි උඹලත් එක්ක තරහක් නෑ.. මොකද උඹලා අපේම මිනිස්සු..

හැබැයි උඹලගෙ දරුවො දවසක දැන ගනියි උඹලා අපිට ගැහුවා කියලා.. රටට ආදරේ උඹලගෙ ජානවලින් ඉපදෙන උන් උඹලට හතුරන්ට වගේ සාප කරාවි.. උඹලා උන්ගේ දෙමවුපියෝ උනාට උන්ට උඹලා මහ නිකම්මු දීනයෝ, තිරිසන්නු වගේ පේනේවි. මගේ පුතා පොලීසියේ.. මගේ පුතා හමුදාවේ කියලා ආඩම්භරෙන් කියන උඹලගෙ රටට ආදරේ අම්මලා අප්පච්චිලා උඹලට “තූ විතරක් කාළකණ්ණි” කියාවි. ඒ උඹලට ලැබෙන තෑගි…

හැබැයි අපි.. අපි එන්නෙ මේ රට බේරගන්න.. උඹලා රට බේරගන්න අපි වෙනුවෙන් සටන් කරද්දි, අපි කන කෑම එකේ ඉදන් ඇගේ තියෙන ලේ ටික දක්වා දුන්නා.. හැබැයි අද උඹලාත් වෙනුවෙන් අපි රට බේරගන්න සටන් කරනකොට, උඹලා අපට ගහපල්ලා.. ඕනනම් මරපල්ලා…

උඹට උඹේ දරුවගෙ මූණ බලලා උගෙ අනාගතය ගැන හිතද්දි, උඹ කරපු වැඩේ ගැන පුංචි වේදනාවක් හෘද සාක්ෂිය ඉතිරි කරලා දේවි.. අන්න ඒ වෙලාවට මෙන්න මේ සටහන මතක් කර ගනිල්ලා…