තවත් ක්‍රිකට් ටිකට්පත් අවුලක් නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තීරණයට ජාත්‍යන්තරයේ දැඩි විරෝධය!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මීළග තරගාවලිය එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතය. එලබෙන ඔක්තෝම්බර් මස 10දා සිට නොවෙම්බර් 27 දක්වා පැවැත්වීමට නියමිත මෙම දීර්ඝ තරගාවලියට එක්දින තරග 5ක්, විස්සයි විස්ස තරගයක් සහ ටෙස්ට් තරග තුනක් ඇතුලත්.

මෙම තරගාවලියේ ටෙස්ට් තරග සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් පැනවූ ටිකට්පත් මිල ගණන් ජාත්‍යන්තරයේ දැඩි ලෙස ආන්දෝලනයට තුඩු දී තිබෙනවා. ඒ ටෙස්ට් තරගාවලියේ විදේශිකයන්ට අලෙවි කරනා ටිකට් පත් අසාධාරන ලෙසට මිල අධික බවට එංගලන්තය චෝදනා කිරීමත් සමගයි.

එංගලන්ත ක්‍රිකට් රසිකයන්ගේ සංගමය සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ මෙම ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා රසිකයන්ට දිනක් සදහා ටිකට් පතක මිල ස්‍ටර්ලිං පවුම් 1.4ක් පමණක් වෙද්දි එංගලන්ත (විදේශිය) රසිකයෙක් සදහා පනවා තිබෙන ටිකට් පතක මිල ස්ටර්ලිං පවුම් 50ක් පමණ බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ උත්සාහ කරන්නේ ටෙස්ට් තරගාවලිය සදහා එංගලන්ත රසිකයන්ගේ පැමිණීම වැළැක්වීමට බවද එංගලන්ත ක්‍රිකට් රසිකයන්ගේ සංගමය චෝදනා කරනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ටිකට් පත් පැනවීමේ ක්‍රමයට එරෙහිව ඔවුන් මේ වනවිට අන්තර්ජාල පෙත්සමක්ද ආරම්භ කර තිබෙනවා.

මේත් සමගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලොව පුරා ක්‍රිකට් රසිකයන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබෙන අයුරු දැකගත හැකි වුනා.

ආන්දෝලනයට ලක්ව තිබෙන ට්විටර් සටහන,