සන්නස්ගල බුද්ධිමය දේපල හොරකම් කල හැටි මෙන්න..

සන්නස්ගලගේ හොරකම් හයක්..,

1. විභාග වංචාව හා උපාධි තහනම

උපුල් ශාන්ත සන්නස්ගල යනු කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකුව සිටි සමයේදී විභාගය වංචා කොට තම උපාධිය පවා තහනම් කරගත්තෙකි. ඒ බව සේපාල් අමරසිංහ 2008 දී පළකළ “සන්නස්ගලගේ ප්‍රශ්න පත්‍ර හොරකම” නමැති ග්‍රන්ථයේ සහ දිනකර පුවත්පතේ (2003.5.25) සදහන් වෙයි. මෙම ප්‍රසිද්ධ කිරීම්වලට කිසිදු විරෝධයක් එල්ල වී නැත. අවශ්‍ය නම් මේ බව කොළඹ විශ්ව විද්‍යාලයේ විභාග අංශයෙන් තවදුරටත් තහවුරු කරගත හැක.

2. උසස් පෙළ ප්‍රශ්න පත්‍ර හොරකම

ජනප්‍රිය හා ධනවත් ගුරුවරයෙකු ලෙස ප්‍රකට මොහු 2003 දී රජයේ ප්‍රශ්න පත්‍ර හොරකම් කළ බවට චෝදනා ලැබීය. මේ බව සාක්ෂි සහිතවම ලක්බිම 2003.06.01 පුවත්පතෙහි පළවිය. විභාග දෙපාර්තුමේන්තුවේ උසස් නිළධාරියකු රු. ලක්ෂ දෙකක මුදලකට එම ප්‍රශ්න පත්‍රය විකුණා ඇතිබව අධ්‍යාපන අමාත්‍යාංශය එකල හෙළි කර ගත් බව ලක්බිම 2003.05.22 පුවත් පතෙහි පළ විය. රජයේ ප්‍රශ්න පත්‍රයට 100%ක් අති සමාන ලෙස සැකසූ දූෂිත සන්නස්ගලගේ එම අනුමාන ප්‍රශ්න පත්‍රය තම පුද්ගලික පන්තිවල සිසු සිසුවියන්ට බෙදා දෙමින් මෙම දූෂිත ගුරුවරයා එකල පවසා ඇත්තේ සල්ලිවලින් කරන්න බැරි දෙයක් නැත යනුවෙනි.මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න විභාගයට නාවොත් තමා මහණ වන බවයි. (ලක්බිම 2003-5-23) මෙම ප්‍රකාශය ගැනද එකල පරීක්ෂණ පැවැත්විණි. මෙම ප්‍රශ්න පත්‍රය කලින් පිටවී ඇති බව සනාථ කළ හැකි තොරතුරු සොයාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සමත්වී ඇති බව ලංකා 2003-5-25 පුවත්පත කියා ඇත. රජයේ ප්‍රශ්න පත්‍රය මෙසේ සොරකම් කළ බවට එකල චෝදනා ලැබූ මෙම දූෂිතයා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ආධාරකරුවකු බවත්, මෙම වංචාව සම්බන්ධව රහස් පොලීසිය මගින් සිදු කරනු ලබන පරීක්ෂණවලට දේශපාලන බලපෑමක් එල්ල වන බවත් දිනකර 2003-5-25 පුවත්පත හෙළිකර ඇත. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඇතැම් ප්‍රබලයන් එකළ මෙම පරීක්ෂණ නවතා දැමීමට බලපෑම් කොට ඇති බව මාධ්‍යවල පළවිය.

3. මහාචාර්ය එදිරිවීර සරත්චන්දගේ ඓතිහාසික නිර්මාණ සොරකම් කිරීම

මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රගේ මනමේ කෘතිය අනවසරයෙන් අච්චු ගසා ලලිතා සරත්චන්ද්‍ර විසින් බස්නාහිර පළාත්බද අධිකරණයෙහි ගොනු කළ නඩු අංක 05/2004(3) යටතේ උපුල් ශාන්ත සන්නස්ගල වරදකරු ලෙස තීන්දු විය. ලලිතා සරත්චන්ද්‍රට ලක්ෂ 5ක් දී නඩුව සමථයකට පත් කර ගත්තේය. මෙසේ කුඩා මුදලක් ගෙවීමට සරත්චන්ද්‍ර එකග කරවා ගැනුනේ දූෂිත සන්නස්ගල මෙම බුද්ධිමය මංකොල්ලයට වැරදිකරු බව පිළිගත් නිසා සහ අධිකරණමය තීන්දුවට අනුව විශාල වන්දි මුදලක් ගෙවීමෙන් වැලකී සිටීම සදහාය.

4. පියසේන කහදගමගේ පර්යේෂණ ග්‍රන්ථ හොරකම් කිරීම

පියසේන කහදගමගේ ලියූ ප්‍රාදේශීය ව්‍යවහාර නමැති ජනශ්‍රැති පර්යේෂණ ග්‍රන්ථයේ අඩංගු තොරතුරු ඔහුගේ කිසිදු අවසරයකින් තොරව වංචනික ලෙස සොරාගෙන උපුල් ශාන්ත සන්නස්ගලගේ නමින් ප්‍රකාශයට පත්කොට මුදල් ඉපැයීය. මෙය මහා බුද්ධිමය මංකොල්ලයක් බව හෙළි කරමින් පියසේන කහදගමගේ මහතා රාවය 2001.09.16 පුවත්පත මඟින් හෙළි කළේය. මේ පිළිබදව තවදුරටත් තහවුරු කරගැනීම සදහා පියසේන කහදගමගේ මහතාගේ පුත් ප්‍රබෝධ කහදගමගේ මහතාගෙන් විමසිය හැකිය.

5. මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චිගේ ශාස්ත්‍රීය පොත් කොල්ලකෑම

මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චිගේ පොත් හයක් එළිදක්වා වසර ගණනාවක් ගතවී ඇතත් මේ වන තුරු සතපහක්වත් ඒ මහාචාර්යවරයාට දී නැත. මේ පිළිබද තවදුරටත් තහවුරු කරගැනීම සදහා මහාචාරය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි මහතාගෙන් තහවුරු කරගත හැකිය.

6. මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ මහා ශබ්දකෝශය ඇතුළු පොත්වලින් මුදල් ගසාකෑම

මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ මහා ශබ්දකෝෂය ඇතුළු පොත් ඔහුට මුදල් නොදී කොල්ල කා සල්ලි උපයයි. මේ වනවිටත් ගම්ලත් මහත්මිය අධිකරණමය ක්‍රියාමාර්ග ගෙන එන්තරවාසි කීපයක් යවා ඇතත් දූෂිත සන්නස්ගල අධිකරණයට නොපැමිණ දේශපාලන හා මුදල් බලතල යටතේ කට්ටි පනිමින් සිටී. මේ පිළිබද තවදුරටත් තහවුරු කරගැනීම සදහා ගම්ලත් මහත්මිය ඇමතිය හැක.

ජනතා නැගිටීම අන් සියලු නැගිටීම් වලට වඩා ප්‍රබලය.

ඉහත සිදුවීම් නිසා සන්නස්ගල නිසා යමෙකු වේදනාවට පීඩාවට පත් වූයේ යම් සේද අද සන්නස්ගලත් යම් පීඩාවකට පත්ව ඇති බව පැහැදිලිය. සංහිඳ ප්‍රකාශයක් නීති විරෝධීව PDF මාර්ගයෙන් සමාජ මාධ්‍යයන්හි සැරි සැරීම අනුමත කළ නොහැක. බුද්ධිමය දේපළ සොරකමේ අග මැද මුලක් යා කළ නොහැකි මේ ලංකාවේ සන්නස්ගලගෙ නීති ප්‍රවේශයට සුභ පතමි.

– ගිහාන් සමීර ගාල්ලගේ ෆේස්බුක් තුල තැබූ සටහනකි.