හෙට හෝ අනිද්දා ඉන්දන මිළට වෙන්න යනදේ මෙන්න

රජය විසින් හදුන්වා දෙන ලද ඉන්ධන මිල සූත්‍රය අනුව අද දිනයේ ඉන්ධන මිල ගණන් සංශෝධනය වීමට නියමිතව ඇත.

මිල සූත‍්‍රය අනුව ලෝක වෙලපලේ ඉන්ධන මිල ගණන් අනුව සෑම මාසයකම 10 වන දා දේශීය වෙලදපලේ ඉන්ධන මිල ගණන් සංශෝධනය වීමට නියමිතය.

ඒ සදහා නම් කර ඇති ඉන්ධන මිල සංශෝධන කමිටුව අද පෙරවරුවේ රැස්වීමට නියමිත අතර සංශෝධිත මිල ගණන් අද පස්වරුවේ ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මේ සතියේදී පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ නැවත වතාවක් ඉන්ධන මිල ඉහල යාමට ඉඩ ඇති බවයි.

විපක්‍ෂය විසින් චෝදනා කරන්නේ අදාල මිල සූත‍්‍රය ඇසින් දුටු කිසිවෙකු නැති බවත් එය වහා ප‍්‍රසිද්ධියට පත් කල යුතු බවත්ය.

මේ අතර ලෝක වෙලදපලේ ඉන්ධන මිල ගණන් ගතවූ මාසයක කාලයේදී 7-8%ක පමණ සැලකිය යුතු මට්ටමකින් පහල බැස ඇත.