තෙල් සංස්ථාවේ සල්ලි ගිලින අර්ජුණ රණතුංගගේ පවුල් ගස..

1996 විල්ස් ලෝක කුසලානය දිනා දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග ප්‍රතිපත්තියක් ලෙස මුදල් අයකර වෙළද දැන්වීම් වලට පෙනී සිටියේ නැත. 2010 ජනපතිවරණයේදි සුදු කොඩි කථාවෙන් රටම පාවා දුන් සරත් ෆොන්සෙකාගේ ගමනට රුකුල් දුන් කැප්ටන් කූල් 2010 මහ මැතිවරණයෙන් කුසලානය ලකුණෙන් කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පැමිණ තමා ඉගෙනුම ලබන වියේදි දේශපාලනයේ යෙදුණු තම පියා සමග වාසය කල නිවස දේශපාලන පලිගැනිම් මත ගිනිබත් කල එජාපයෙන් 2015 මහ මැතිවරණයේදී අපේක්ෂකත්වය ලබා ගත්තේ රටම ජාත්‍යන්තරයට ගෙන ගිය තම ප්‍රතිපත්ති අමු අමුවේ පාවා දෙමිනි.

අර්ජුන රණතුංගගේ කාමයට ලැදි අති රහස්වුත් ජීවන තොරතුරු ලියුම්කරු සතු වුවත් මිනිසුන්ගේ පුද්ගලික ජීවීතය හා දේශපාලන නොගැලපීම් එක සමාන මට්ටමකට ගෙන නොයා යුතු නිසා ඒවා අමතක කරමි.

රටට ලෝකයක් දිනා දුන් අර්ජුණ රණතුංග 2015 සිරිසේන සමග එක්වී යහපාලනය රටට උදා කරයි යැයි බොහෝ දෙනා තදබල නින්දක සිට සිහින මැව්වේය. ඒත් ඒ සිහිනය බොඳ වී ඇති වර්තමානයක අර්ජුනලා තම සහෝදරයන් සමග නටන නාඩගම් රටට ලෝකයට දැනගන්නට මේ සියලු තොරතුරු නිරාවරණය කරන්නෙමු.

රාජපක්ෂ සහෝදර සමාගම එදා රටට විණ කරනවා දුටු යහපාලන දනා රණතුංග සහෝදර සමාගම යහපාලනය නාමයෙන් රටේ සම්පත් වලින් තම මඩිය තරකර ගන්නා හැටි මේ සටහනෙනේ එළි දක්වන්නෙමු.

සදාචාර සම්පන්න සම්ප්‍රදායක් ලෙස මෙතෙක් කලක් ලංකා ඛණිජ තෙල් නීතීගත සංස්ථාව (CEYPETCO) හා කොළෙන්නාව ලංකා ඛණිජ තෙල් තොග පර්යන්ත සමාගම (CPTSTL) යන ආයතන දෙකට සභාපතිවරු දෙදෙනෙක් පත්වුහ. එහෙත් අර්ජුන රණතුංග එහි ඇමතිවරයා ලෙස පත් වු දා සිට එම ආයතන දෙකේම සභාපතිවරයා ලෙසින් පත් කරන්නේ තම සහෝදරයා වු ධම්මික රණතුංගය. ඒ සහෝදර සමාගම විසින් රටට යහපාලන උදා කරන සැටි අපි දැන් දකිමු.

අර්ජුන රණතුංගේ මව අද ඔහුගේ අමාත්‍යංශයේ උපදේශිකාවකි. ඇයට වැටුපට අමතරව නිළ රථයක්ද ලබාදී ඇත. එම රථයට ඉන්ධන නිකුත් කරනු ලබන්නේද රටේ ජනතාවගෙන් ලබා ගන්නා බදු මුදල් වලිනි. අර්ජුන රණතුංග අමාත්‍යවරායගේ අමාත්‍යංශයේ සම්බන්ධිකරණ ලේකම්වරු දෙදෙනෙකු ලෙස පත් කර ඇති අජිත් ගුණසේකර හා නාථ ගුණසේකර යනු ඇමතිවරයාගේ සමීපතම ඥාතීන් දෙදෙනෙකි. ඇමතිවරයාගේ සහෝදරයා වන CEYPETCO ආයතනයේ හා CPTSTL ආයතනයේ සභාපති තනතුර දරන ධම්මික රණතුංගගේ ලක්ෂ දෙකකටත් වඩා වැඩි අමාත්‍යංශයෙන් මාසික කුලිය ගෙවන නාවල පිහිටි නිල නිවසේ අයිතිකරු වන්නේ අර්ජුණ රණතුංගගේම සොහොයුරෙකු වු රුවන් රණතුංගය.

ඒ සියලු පහසුකම් වලට අමතරව අර්ජුන රණතුංග විසින් තම සහෝදරයා ධම්මික රණතුංගට දී ඇති වරප්‍රසාද එසේ මෙසේ නොවේ. ධම්මික රණතුංග යහපාලන සදාචාරය පැත්තකට දමමින් වාහන තුනක් තම භාරයේ තබා ගනිමින් ඒ සියලු වාහන වලට ඉන්ධන සපයා ගන්නේ කොළෙන්නාව නිමාව තෙල් ගබඩා සංකීර්ණයෙනි. රටේ ජනතාව බදු ගෙවන ආණ්ඩුවෙන් ඔහු ලබාගෙන ඇති CAB 2355 බෙන්ස් රථය (1 ඡායාරූපය) භාවිතා කරනු ලබන්නේ ඔහුගේ බිරිඳය.

ඔහු නිල රථය වශයෙන් භාවිතා කරනු ලබන CBB 7455 අංක දරණ BMW රථය (2 ඡායාරූපය) ධම්මික රණතුංග තම රාජකාරි කටයුතු සඳහා යොදා ගනී. ඊට අමතරව තමන්ගේ හා තම සහචරයන්ගේ අවශ්‍යතාවයන් සඳහා PH 2840 දරණ කැබ් රථයත් තම භාරයේ රඳවා තබාගෙන ඇත. එම රථය සෑම විටම ඇත්තේ ඔහුගේ නිල නිවසේය. ආයතනයක සභාපති කෙනෙකු තම පවුලේ සහ සහචරයන්ගේ අවශ්‍යතාවයන් වලට ඒ සියලු වාහන යොදා ගන්නේ රටේ බදු ගෙවන ජනතාවගේ මුදලින් බව යහපාලනයට ඡන්දය දුන් ජනතාව දැනගත යුතු සේම ඔවුන් පැතු යහපාලනය මෙයද යන්න වග ප්‍රශ්ණ කල යුතුය.

අති සුඛෝපභෝගී ජීවීතයකට ඇමති වරප්‍රසාද තුළින් උරුමකම් කියන තෙල් ඇමති අර්ජුන රණතුංගගේ ආශිර්වාදයෙන් සභාපති තම සහෝදරයාට තවත් වොල්වෝ රථයක් ගෙන්වීමට දැනටමත් ඇණවුම් කර ඇත. ඒ සම්බන්ධ ලියකියවිලි පහත පින්තූර ඇති අංක 3, 4, 5, 6 වලින් දැක්වේ.

රාජ්‍ය ආයතනයක සභාපතිවරයෙකුට එම ආයතනය මගින් තමාගේ නිළ රථ වලට ඉන්ධන නිකුත් කරනු ලබන්නේ සීමා රහිතවය. එවැනි වරප්‍රසාද භුක්ති විඳිමින් රටේ මහ ජනතාවගේ බදු මුදලින් යහපාලනයක් උදෙසා ඡන්දය දුන් ජනතාව මුලා කරමින් තමන්ගේ පුද්ගලික අවශ්‍යතාවයන් සඳහා මහජන බදු මුදල් අවභාවිතයේ යෙදවීම රටේ අනාගතයට කෙතරම් පාඩුවක් වන්නේද…?? මේ රටේ සු සැට ඇමතිවරුන්ට වෙන් කරවා ඇති එක ඇමතිකමක බල පරක්‍රමයක ආධිපත්‍ය එයය.

අර්ජුණ රණතුංග හා ධම්මික රණතුංග විසින් තම ඇමති බල පරාක්‍රමය යොදා තම අමාත්‍යංශයේ ආයතන වල ආරක්ෂක සේවය තම හිතවතුන්ගේ ආරක්ෂක සේවා ආයතන වලට ලබාදුන් හැටි ඊ ළඟ ලිපියෙන් කථා කරමු.

නැවත නැවතත් ඔබ ඡන්දය දුන් යහපාලනය මෙයදැයි ඔබ විසින්ම ඔබෙන්ම ප්‍රශ්ණ කරන්න යැයි මම ඔබට කියමි.