රු. 3500/= ට තායි කියල චීන කෙල්ලො දෙන ලංකාවේ මසාජ් පොට්…

ශ්‍රීලංකාව දැන් චීන කොළණියක් වෙලා. කොළඹ දැන් හැමතැනම වගේ චීන්නු ජොබ් කරනවා, බිස්නස් කරනවා. හරියට මේක චීන්නුන්ට ගිය රටක් වගෙයි කොළඹ නගරයට අද පැමිණෙන ඔබට එවැනි සිතුවිල්ලක් හෝ කතාබහක් ඇතිවුවහොත් පුදුම විය යුතු නැත. මන්ද, ඒ තරමටම චීන්නු කොළඹ අරක්ගෙන සිටින නිසාය.

කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය, විශාල හෝටල් ව්‍යාපෘති ඇතුළු දැවැන්ත ගොඩනැගිලි ඉදිකිරීමේ කටයුතු රැසක් සිදු කරනුයේ චීන ජාතික පිරිමින් විසිනි. කොළඹ නගරයේ සංචාරය කළහොත් ඔවුන් ඉදිකිරීම් රැකියාවල නිරත වී සිටින අයුරු ඔබගේ නෙත ගැටෙනු ඇත. රිමින් හා සමානව චීන ජාතික කාන්තාවන්ද කොළඹ නගරයේ විවිධ රැකියාවල, ව්‍යාපාරවල නියැළී සිටිති. චීන ජාතික කාන්තාවන් හා කෙල්ලන් කරන ඇතැම් රැකියා සහ ව්‍යාපාර කටයුතු එළිපිට සිදු කළත් ඒ අයගේ නොපෙනෙන පැතිද නැතුවාම නොවේ.

ගමේ සිට කොළඹට පැමිණෙන අයකු නගර ශෝභනියකගේ මායාකාරී වංචාවකට හසු නොවුණද මේ කාලයේදී කොළඹට පැමිණෙන ඕනෑම අයකු සුරූපී චීන කෙල්ලෙකුගේ සූත්තර ගේමකට අහු වීමට ඇති ඉඩකඩ බොහෝය.

කොළඹ නගරයේ රහසිගත මෙන්ම කුතුහලය දනවන ඉසව් කරා ගොස් එහි සජීවී අත්දැකීම්, විශේෂාංගයක් තුළින් රිවිර පාඨකයාට රැගෙන අප මෙතැන් පටන් ඔබ වෙත ගෙන එන්නේ ‘චීන කෙල්ලන් කොළඹට ඇවිත් දාන සෙල්ලම්’ පිළිබඳවයි.

කොළඹ නගරයේ සැරිසැරූ අප හට චීන කෙල්ලන් ගැන රහසිගත සෙල්ලම් රැසක් අනාවරණය වූ අතර ඒවා එකින් එක රසය අඩු නොවන පරිදි සීමාවකට යටත්ව ඔබ වෙත ගෙන ඒමට ලියුම්කරු කටයුතු කරනු ඇත.

ඒ අනුව පාඨක ඔබ වෙත අද ගෙනඑන්නේ තායි ස්පා නමින් ඇති චයිනීස් ස්පා (චීන සම්බාහන මධ්‍යස්ථාන) වල සිටින චීන කෙල්ලන් දාන සෙල්ලම් සොයා ගිය ගමනේ සජීවී මෙන්ම සත්‍ය කතාන්දරයයි.

තායි ස්පා ගැන මා අසා දැන තිබුණද චීන ස්පා ගැන දැන නොසිටියෙමි. මා ඒ පිළිබඳව දැන ගත්තේ කොල්ලුපිටියේ සිටින ටැක්සි රියැදුරකු මාර්ගයෙනි. ඒ, ඔහු සමග කුලී ගමනක් යන අතරතුරදීය.

වේලාව සවස 7 පමණ වී තිබිණි. මා ටැක්සියක නැගී කොල්ලුපිටියේ සිට බම්බලපිටිය දක්වා ගමන් කළේ මිතුරකුගේ සාදයකට සහභාගි වීම සඳහාය.

සර් කොහෙද යන්නේ? පාටියකට යනවා වගෙයි.
ටැක්සි රියැදුරු මා සමග දොඩමළු විය.

ඔව්, මේ යාළුවෙකුගේ වැඩක්.
ළඟදි දාපු ස්පා එකක් තියෙනවා. යනවද සර් බලන්න.

කොහෙද?
බම්බලපිටියේ බිච් සයිඩ් එක පැත්තේ.
මම මොහොතක් ටැක්සි රියැදුරුට කිසිවක් නොකියා, කල්පනා ලෝකයේ සැරිසැරුවෙමි.

මරු චීන කෑලි ටිකක් ඉන්නේ සර්, ටී්‍රට්මන්ට් එකක් ගන්නම ඕනෙ නෑ. ‍පොඩ්ඩක් ගිහින් බලමු ටැක්සි රියැදුරා මා උනන්දු කරමින් පැවසීය.

හරි යමුකො මා ටැක්සි රියැදුරුට පැවසීමි.
ගාලු පාරේ ටික දුරක් පැමිණ මුහුදු මාවත ආසන්නයේ පිහිටි තායි ස්පා නමින් හැඳින්වෙන ස්ථානයේ ටැක්සිය නතර කළේය.

සර් මෙතැන තමයි ‍පොට් එක. ඇතුළට ගිහින් බලන්නකෝ.
ටැක්සි රියැදුරා මම හට වංචාවක් කළාදෝ යන සැකයක් මතුවූයේ චීන ස්පා ආයතනයකට රැගෙන යනවා කියා තායි ස්පා ආයතනයකට රැගෙන ආ නිසාය.

මේක තායි ස්පා එකක්නේ.
නැහැ සර්, බෝඩ් එක විතරයි තායි. ඇතුළේ සේරම චයිනීස් ටැක්සි රියැදුරා මා වෙත සිනහවක් නගමින් පැවසීය.
ස්පා එකේ ඇතුළට පිවිසෙනවාත් සමගම එහි පිළිගැනීමේ කවුන්ටරයේ සිටි අයකු මා ඇමතීය.

සර්, ඇ‍පොයින්ට්මන්ට් එකක් දාලා බුක් කරලද ආවේ?
නැහැ.
ඕ කේ. ප්‍රශ්නයක් නෑ සර්. ෆුල් බොඩි මසාජ් එක 3500/-යි. පැයයි. සිලෙක්ෂන් බෑ. බොඩි ටු බොඩි මසාජ් එක 8000/-යි. පැය 1 1/2යි. ඕනෑ කෙනෙක් සිලෙක්ෂන් කරගන්න පුළුවන් යැයි පැවසූ ඔහු මේකේ තියෙන පැකේජ් ගන්නත් පුළුවන් කියා මිල ගණන් සහිත මෙනුවක්ද මා වෙත ඉදිරිපත් කළේය.

තෙරපිස්ට්ලා තායිද? චීනද? ස්පා ආයතනයේ මුදල් අයකැමිවරයාගෙන් මා අසා සිටියේ සත්‍ය තහවුරු කර ගැනීමටය.
සේරම ඉන්නේ චයිනීස් ගර්ල්ස්ලා ඔහු පැවසීය.

ගර්ල්ස්ලා බලන්න පුළුවන්ද?
පුළුවන්. මට සර් විනාඩි 10ක් විතර දෙන්න. මොකද අද කට්ටියම බිසී වෙලා ඉන්නේ.

දැන් ගන්න බැරිද?
දැන්ම නම් බැහැ සර්. තව පැය 2ක් විතර යනවා. සර් ගර්ල් කෙනෙක් සිලෙක්ට් කරලා බුක් කරගන්න. ගර්ල්ස්ලාට කතා කරනකම් ඉඳගෙන ඉන්න. සර් කැමති දෙයක් බොන්න යැයි පැවසූ මුදල් අයකැමිවරයා මා වෙත අසල වූ ශීතකරණයද පෙන්වා සිටියේය.

එම ස්පා ස්ථානය ඉතා කාර්යබහුල වී තිබුණි. මා සිටි ස්ථානයේ බිත්ති පුරා එල්ලා තිබුණේ විවිධ ඉරියව්වලින් තරුණ කෙල්ලන් මසාජ් කරන සිතුවම්ය. මා බිම බෝතලයක් කඩා බොමින් සිටින අතරතුර…

එන්න සර් කියූ මුදල් අයකැමිවරයා ස්පා ආයතනයේ ඇතුළත කාමරයක් වෙත මා රැගෙන ගියේය. කාමරය ඇතුළත රතු පැහැති අඩ අඳුරැති පෙනුමක් දක්නට ලැබිණි. එම කාමරය තුළ සුරූපී චීන කෙල්ලන් 10 දෙනකු එක පෙළට අසුන්ගෙන සිටිනු දක්නට ලැබිණි. චීන කෙල්ලන් සියලු දෙනා සිටියේ අඩ නිරුවතිනි. සියල්ලන්ගේම මුහුණු මෙන්ම ශරීර හැඩරුව එක හා සමාන හෙයින් තෝරාගන්නේ කුමන චීන කෙල්ලදැයි මට එකවරම සිතාගත නොහැකි විය.

කවුද සර් සිලෙක්ට් කරන්නේ?
අන්න අතන ඉන්න කෙනා මම ඇඟිල්ල දිගු කරමින් හුරුබුහුටි චීන යුවතියක් පෙන්වා සිටියෙමි.
හරි සර්, රූම් නම්බර් 3ට බුකින් එකක් දාන්න.

ඒ කිව්වේ?
මෙහේ ඉන්න චීන ගර්ල්ස්ලා හැමෝටම රූම් එකක් දීලා තියෙනවා. කස්ටමර්ස්ලා කෝල් කරලා රූම් එකේ අංක කිව්වහම ඒකේ ඉන්න ගර්ල්ව ගන්න පුළුවන්. සර් දැන්ම බුකින් එක දැම්මොත් පැය 2කින් ගර්ල්ව ගන්න පුළුවන්.
හරි. බුකින් එක දාන්න කියා මම ඔහුට මුදල් දුන්නෙමි.

සර්, වාඩිවෙලා ඉන්න. ඔතන වාඩිවෙලා ඉන්න කස්ටර්මස්ලාත් බුකින් දාපු අය. වෙලාව එනකම් ඉන්නේ යැයි මුදල් අයකැමිවරයා පැවසීය.

විවිධ වයස් සීමාවල පසුවන පුද්ගලයන් කිහිප දෙනකු මා අසල අසුන්ගෙන සිටියේය. ඔවුන් තමන්ගේ වාරය පැමිණෙන තුරු ඇඟිලි ගනිමින් සිටියේය. තායි ස්පා නමින් බෝඩ් ගසා චීන කෙල්ලන් මුදලට අලෙවි කිරීමේ ජාවාරම සිදුවන්නේ මේ අයුරිනි.

ඉෂාර රත්නකාර
රිවිර පුවත්පත