පිරිසිදු රන්ජන් ගුරුවරියකට කල මුදල් වංචා රැසක් එළියට…

වත්මන් රජයේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මැතිතුමන් අසාධරණයට විරුද්ධව පෙනී සිටීමට රුසියෙකි. ඔහු තමිල්නාඩු චිත්‍රපටවල වීරයා සේ පාර්ලිමේන්තුව ඇතුලේත් මාධ්‍ය සාකච්ඡවලත් අසාධාරණයට විරුද්ධව නැගී සිටිති. අද SL News Lanka හෙළි දරව් කරන්නට යන්නේ මේ සුපිරිසිදුයැයි අඟවන දේශපාලකයා කරනු ලැබූ තුච්ඡ තුප්පහි ක්‍රියාවක් පිළිබඳවය.

මේ 2000 සිට 2010 දක්වා රන්ජන් රාමනායකගේ පෙම්වතිය වී සිටි නාමලී විජේරත්න ගුරු මෙනවියගේ කතාවයි. රන්ජන් රාමනායක ඇයව විවාහ කරගන්නා බවට පොරොන්දු වෙමින් මුදල් ගසා කෑ බව ඇය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියාය.

රන්ජන් රාමනායක සිටි ගෙදර ණය වාරිකය හිඟ වූ විට, “මේ ගේ සින්න වුනොත් මගේ අම්මා මැරෙයි, එහෙම වුනොත් මටත් වෙන්නෙ වහ බීලා මැරෙන්න” ලෙස තමන් වැදු හැදූ අම්මාවද උගසට තියමින් තමන්ගෙන් සල්ලි ලබා ගත් බව ඇය මාධ්‍ය වෙත කියා සිටියාය.

නඩුවලට පොලීසියෙන් හොයන විට ‍රන්ජන් රාමනායක මන්ත්‍රී වරප්‍රසාද වලට මුවාවී ගෙදල් මාරු කරමින් කට්ටි පනිමින් සිටි බවත්, තමන්ගෙන් ඈත් වන්නට වුවමනා වූ විට බොරු කාරණා ඉදිරිපත් කර රැකියාවේ වැඩ තහනමකට ලක් කල බවද වැඩි දුරටත් කියා සිටියේය.

වහ බීලා මැරෙනවා කියා සල්ලි ඉල්ලීම සභන්ධව වූ ලිඛිත සාක්ෂියක්ද ඇය මාධ්‍ය වෙත ඉදිරිපත් කලාය.. මේ තිබෙන්නෙ එම ලියැවිල්ලේ පිටපතයි…

මේ නාමලී විජේරත්න මාධ්‍යයට පැවසු අදහස් සහිත වීඩියෝවයි.