“කවදාහරි මම මේ රටින් යනවා” – දෙවෙනි ඉනිමේ සොනාලි ටිචර්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..

දෙරණ රූපවාහිනි නාලිකාවේ විකාශය වන ‘දෙවෙනි ඉනිම’ ටෙලි නාට්‍යයේ ‘සොනලි ටිචර්’ ලෙස ප්‍රේක්ෂක ඔබගේ ආදරය දිනා සිටින හිමායා බණ්ඩාර මේ දිනවල කලා කටයුතු නිසා තරමක් කාර්යබහුලව සිටියි. විවාහ වීමටද මේ වනවිට සැලසුම් කර ඇති ඇය සිය විවාහයෙන් පසුව විදෙස් ගතවීමේ අදහසකින්ද සිටියි. මේ පිළිබඳව ඇය පුවත්පතකට දක්වා තිබුනේ මෙවැනි අදහසකි.

‘මගේ විවාහයත් එක්ක විදෙස් ගත වෙන්න සූදානමක් මගේ තියෙනවා. මොකද, මගේ පෙම්වතා ඉන්නේ විදෙස් ගත වෙලා නිසා. කොහොම වුණත් මගේ විවාහය අද හෙට සිදුවන්නේ නැහැ. ඒක කාලයට භාර දීලා තියෙන්නේ මම. විවාහ වෙන්න කළින් මම හොඳ නිර්මාණ දෙක තුනකට රංගනයෙන් දායක වෙන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා. මේ දිනවල ටෙලි නාට්‍යය කිහිපයකටම සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණා. නමුත්, සමහර ඒවායේ මුදල්මය ප්‍රශ්න නිසා ඒ වැඩ අත්හැරියා.’