ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය බේරා ගැනීමට රට වටා ජනතාව රැස් වෙති..

ශ්‍රී ලංකාවේ දර්ශණීයම ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙස සැලකෙන ගාල්ල ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කිරීමට වත්මන් රජය ගෙන ඇති තීරණයට විරුද්ධව දැවැන්ත උද්ඝෝශණයක යෙදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් තීරණය කර ඇත. 2018 ජූලි මස 21 වන සෙනසුරාදා උදෑසන 10ට ගාල්ල ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිරිපිට ශ්‍රී ලංකා ජාතික ධජ ලෙලදෙවමින් මේ විරෝධතාවය පවත්වන්නට සියළු කටයුතු සූදානම් කර ඇති බව SL News Lanka වෙත වාර්තා වේ.

දෙස් විදෙස් සංචාරකයින්ගේ නොමඳ පැසසුමට ලක්වන මෙම ගාල්ල ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ශ්‍රී ලංකාවට ජාත්‍යාන්තර ටෙස්ට් ජයග්‍රහණ වැඩිම ප්‍රමාණයක් ගෙනදුන් ක්‍රීඩාංගණයයි. ක්‍රිකට් ලෝකයේ කිසිදා නොබිදෙන වාර්තාවක් ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන්ගේ 800වන විකට්ටුව පිලිබඳ සදා නොමියෙන සිහිවටනයද ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය සතුය.

කිසිදු බේදයකින් තොරව ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය බේරා ගැනීමේ විරෝධතාවයට එක් වන ලෙස අපද ඔබට ආරාධනය කරන්නේ, මෙම ජාතික සම්පත රැකගැනීම අනාගත පරපුර වෙනුවෙන් වූ ජාතික යුතුකමක් නිසාවෙනි.