2020 ජනාධිපති අපේක්ෂකත්වය ගැන ගෝඨාගෙන් හදිස්සියේ නිවේදනයක්..!

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිළ ෆේස්බුක් පිටුව ඔස්සේ සටහනක් පලකර තිබෙනවා.

2020 ජනාධිපති අපේක්ෂක ලෙස තමා පත්කළ බව සඳහන්වන ව්‍යාජ මාධ්‍ය නිවේදනයක් සමාජ ජාලා හරහා පතුරවමින් තිබෙන බවත් එය සම්පුර්ණ අසත්‍යක් වන බවටත් ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් නිකුත් කල බව කියැවෙන, 2020 ජනාධිපති අපේක්ෂක ලෙස මා පත්කළ බව සඳහන්වන ව්‍යාජ මාධ්‍ය නිවේදනයක් සමාජ ජාලා හරහා පතුරවමින් තිබෙන අතර මෙය සම්පුර්ණ අසත්‍යක් වන බවටත්, ජනතාව නොමග යවමින් දේශපාලනික වශයෙන් ව්‍යාකුල තත්වයක් ඇතිකිරීමට යම් පාර්ශවයින් විසින් කරන ලද උත්සාහයක් බවටත් මා දන්වා සිටිමි – ගෝඨාභය රාජපක්ෂ.