මත්තල විකිණීමෙන් රටේ ආරක්ෂාව බරපතල අනතුරක..

වසර ගණනක සිට ශ්‍රී ලංකාවට අඩුපාඩුවක්ව තිබුණු විකල්ප ජාත්‍යාන්තර ගුවන් තොටුපලක අඩුව පිරිමැහුනේ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යාන්තර ගුවන් තොටුපල නිසා බැව් අප පිළිගත යුතු සත්‍යයකි. නමුත් වත්මන් රජය මෙම ගුවන් තොටුපල දීර්ඝ කාලීනව ඉන්දියාවට බදු දීමට සූදානම් වීම සැලවීමත් සමඟම ක්‍රියාත්මක වූ ඒකාබද්ධ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඊයේ මත්තල ගුවන් තොටුපල වෙත විශේෂ චාරිකාවක නිරත විය.

චමල් රාජපක්ෂ, මහින්දානන්ද අළුත්ගමගේ, ඩලස් අලහප්පෙරුම, සී.බී. රත්නායක, කුමාර වෙල්ගම, ප්‍රසන්න රණතුංග, සිසිර ජයකොඩි, කනක හේරත්, ශෙහාන් සේමසිංහ, දිළුම් අමුණුගම, උදයශාන්ත ගුණසේකර, ප්‍රියංකර රත්නායක, අරුන්දික ප්‍රනාන්දු, ජයන්ත සමරවීර, විජිත බේරුගොඩ, ඉන්දික අනුරුද්ධ, පියල් නිශාන්ත, රමේෂ් පතිරණ, මොහාන් සිල්වා, දුලිප් විජේසේකර, නිරෝෂන් ප්‍රේමරත්න, සහ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රාශියක් මේ අවස්ථාවට සහභාගී වූ අතර ඊට සහයෝගය දැක්වීම සඳහා විශාල ජනකායක්ද සහභාගී විය.

මන්ත්‍රීවරුන් සියළු දෙනා පළමුවෙන් ආයතනයේ වෘත්තීය සමිති හා පාලනාධිකාරය හා සාකච්ඡා කල අතර එහිදී මේ කුමන්ත්‍රණයේ සුළ මුල සියල්ල හෙළිවිණ.

මේ ඒ පිළිබඳව ගුවන් යානා ඉංජිනේරු, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා කල ප්‍රකාශයයි..

Sponsered video:

Sponsered video: