නළුවන්ගෙන් සහ අධ්‍යක්ෂවරුන්ගෙන් ආපු අයුතු යෝජනා නිසා රංගනයෙන් සමුගත් හැටි සුරූපී නිළිය හෙළිකරයි

බොලිවුඩි සිනමාවට නිතර නිතර අලුත් මුහුණු එක්වනවා. ඒ අතර ජනප්‍රිය චරිත රංගනයෙන් සමුගන්නවා.

මේ කතාවත් බොලිවුඩ් සිනමාවෙන් සමුගත් සුරූපී නිලියක් පසුගියදා ඇයට සිදුවූ සියල්ල මාධ්‍යට පවසා සිටියා.

නමින් මල්ලිකා ෂෙරවට් වන ඇය අවසන් වරට රඟපෑවේ 2015 දී තිරගත වුණු ‘ඩර්ටි පොලිටික්ස්’ චිත්‍රපටයේයි.

“සමහර චිත්‍රපටවල රඟපාන්න තිබුණු අවස්ථා මට නැතිවෙලා තියෙනවා. ප්‍රධානම හේතුව තමයි, සමහර නළුවන් සහ අධ්‍යක්ෂවරුන් ගෙ ‘අවශ්‍යතා’ ඉටු නොකිරීම. සමහර නළුවො මගෙන් අහල තියෙනව, “රඟපාන කොට ඔයාට මාත් එක්ක ප්‍රේම කරන්න පුළුවන් නම්, ඇයි මාත් එක්ක ඒවා ඇත්තටම කරන්න බැරි?” කියා ඇය මාධ්‍යට පවසා සිටියා.

ඇගේ මේ කතන්දරයෙන් නැවත වරක් හෙළිවන්නේ බොලිවුඩ් ලොව තුළ නිළි පරපුර මුහුණදී ඇති ඛේදජනක ස්වරූපයයි.

ඇතැම් චිත්‍රපට අධ්‍යක්ෂවරුන් සහ නළුවන්, ඔවුන්ගේ චිත්‍රපටවල රඟපෑමට එක්වන සුරූපී නිළියන් සමඟ කායික සබඳතා පැවැත්වීම ප්‍රතික්ෂේප කළහොත් ඇතිවන ප්‍රතිඵලයයි මල්ලිකා තවදුරටත් මෙලෙස හෙළි කළේ.

“මට කරපු අයුතු යෝජනා මම පිළිගත්තෙ නැති නිසා මට රඟපාන්න තිබුණු චිත්‍රපට හුඟක් නැතිවුණා. මේ තමයි අද අපේ සමාජයෙ හැටි. මම සාමාන්‍යයෙන් මුරණ්ඩු කෙනෙක්. මම මගේ ආත්ම ‍ගරුත්වය ගැන හිතනවා. එක්තරා අධ්‍යක්ෂවරයෙක් මට කියනවා “ඔයා පාන්දර 3 ට විතර මාව හම්බවෙන්න එන්න” කියලා. මම ඒවට එකඟ වුණේ නැහැ.”