සේවා මාරුවක් ලබා රණවිරුවා වෙන්ව යන දුකෙන් හිටපු කොටි සාමාජිකයන් හඩා වැටුනු හැටි මෙන්න

රණවිරුවන් අපිට සහ රටට සිදු කළ සේවය සුලුපටු නොවේ. රණවිරුවන් යනු සිය ජීවිතය මවුබිම වෙනුවෙන් කැප කර මවුබිමට නිදහස ලබා දුන් උතුම් වීරයන්ය. ඔවුන් සාමාන්‍ය සමාජයේ සැමටම වඩා මානූෂිය ගති වලින් යුත් මනුස්සකම හඳුනන මිනිසුන් පිරිසකි.

එවැනි රණවිරුවෙකු පිළිබදව සංවේදී කතා පුවතක් වාර්තා වේ. ඔහු කර්නල් රත්නප්‍රිය බන්දු ය. සිය නිදහස අහිමිව වියරු ත්‍රස්තවාදී සංවිධානයක් වෙනුවෙන් අවි දරා සිටිමට සිදුවූ හිටපු එල්.ටී.ටි.ඊ සාමාජිකයන් රැසක් ඔහුගේ කදවුර අයත්වූ විශ්වමඩු ප්‍රදේශයේ විය.

අවි දරා ත්‍රස්තවාදී සංවිධානයක් වෙනුවෙන් සටන් කිරීමට සිදුවූ එම හිටපු කොටි සාමාජිකයන්ට එම ත්‍රස්ත සංවිධානයෙන් නිදහස ලබා දී, ඔවුන් පියෙකු මෙන් රැක බලා ගත්තේ විශ්වමඩු කදවුරේ රාජකාරී කළ කර්නල් රත්නප්‍රිය බන්දු ය. ත්‍රස්තවාදී සංවිධානයකට සිරවී සිටි ඔවුන් වර්තමානයේ නිදහසේ ජීවිතය ගෙවන්නේ රණවිරුවන් නිසා බව එම ජනතාවට හොදින්ම මතකය.

වසර පහකට අධික කාලයක් විශ්වමඩු හි රාජකාරී කළ කර්නල් රත්නප්‍රිය බන්දු  මෙම ප්‍රදේශයට පැමිණ එල්ටීටීඊ සංවිධානයේ සිටි පිරිස් පුනරුත්ථාපනය කොට ඔවුන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බඳවා ගෙන සමාජගත කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබිණි.

අද කර්නල් රත්නප්‍රිය බන්දු සේවා මාරුවක් ලබා විශ්වමඩු කඳවුරෙන් අඹේපුස්ස කඳවුරට මාරූ වී යන දිනය ය.

මේ හිටපු කොටි සාමාජිකයන් සහ ගම්වාසීන් ඔහුගේ වෙන් වීමෙන් ශෝක වෙන හැටිය. තමන්හට නැවතත් ජීවය ලබා දී පියෙකු මෙන් රැකබලා ගත් කර්නල්වරයා වෙන් වී යන පුවත ඇසූ ගම්වාසීන්ගේ සහ හිටපු කොටි සාමාජිකයන්ගේ දෙනෙත් තෙත් වී සංවේදී වි සිටින අයුරු දැක ගත හැකිය.

එම ඡායාරූප පහතින්,