ඥානසාර හිමි වරදකරු වෙයි..! හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් දුන් තීන්දුව මෙන්න..

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි වරදකරුවෙකු කරමින් හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය අද (24) තීන්දුවක් ලබා තිබේ.

ඒ මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය තුළදී බැන තර්ජනය කිරීමේ සිද්ධිය සම්න්ධයෙනුයි.

අද දිනයේ (24) උන් වහන්සේගේ ඇගිලි සටහන් ලබා ගැනීමටත් ජුනි 14 වැනි දා හඳුනා ගැනීම සහ දඬුවම් නියම කිරීමටත් මෙහිදී මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර තිබේ.

ඉකුත් 2016 වසරේ ජනවාරි 25 වැනි දා හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ දී සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට දණ්ඩ නීති සංග‍්‍රහයේ අංක 386 සාපාරාධී අඩත්තේට්ටම් කිරීම සහ අංක 486 යටතේ සාපරාධී බිය ගැන්වීම යන චෝදනා යටතේ ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව හෝමාගම පොලිසිය මගින් පනවා තිබූ නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් මහේස්ත‍්‍රාත් වරයා විසින් මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කරන ලදී.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සන්ධ්‍යා එක්නැලිගොඩ කියා සිටියේ, “මේක හිංසාවට ලක් වූ සමස්ත ජනතාව ලැබූ ජයග්‍රහණයක් ලෙසයි මම දකින්නේ. ඒ හිමියන්ට දඬුවම් ලබා දීමේ කාර්ය පවතින්නේ මහේස්ත්‍රාත්වරයා අතේ,” යනුවෙනි.