පසුගිය මැතිවරණය පිළිබඳව නියත අනාවැකි කියූ දේවගැතිවරයා කාළගුණය විපර්යාස පිළිබඳව කී අනාවැකි සත්‍ය වේ…

පසුගිය දෙසැම්බර් මස නියත වශයෙන්ම සුනාමියක් ඇතිවන බවට සුප්‍රසිද්ධ ඉන්දියානු අනාවැකිකරුවකු පළකල එම අනාවැකිය කිසිසේත්ම සත්‍ය නොවන බවට සහ ප්‍රාදේශීය සබා මැතිවරණයෙන් ඒ ඒ ප්‍රදාන පක්ෂ ලබාගන්නා ස්ථානයන් ඉතා නිරවද්‍යව මැතිවරණයට මාස ගණනාවකට පෙරම අනාවැකි පළකල ගුප්තශාස්ත්‍රවේදී හසංක දොඩන්දූව මහතා මෙවර සිංහල හින්දු නව වසරෙන් පසු රටට අයහපත් කාළගුණ තත්වයක් ඇතිවන බවට අනතුරු අගවා සිටියා.

ඔහු ඒ පැවසූ අයුරින්ම මේ වනවිට දහස් ගණනක ජනතාව අවතැන් බවට පත් කරමින් ගංගා පිටාර ගලමින්, පස් කදු පහළට රූරා වැටෙමින් යම් අහිතකර දේශගුණික විපර්යාසයන් සිදුවෙමින් පවතිනවා.

රටේ පවතින දේශපාලන අස්ථාවරත්වය 2019 අපේල් 27 දින දක්වා තව තවත් වැඩෙමින් ඉදිරියට ඇදෙන අතර එදිනට පසුව නැවුම් බලාපොරොත්තුවක් සහ උද්‍යෝගයක් සමග දේශපාලනය උඩු යටිකුරු කරමින් දේශපාලනික විපර්යාසයක් සිදුවනු ඇති බවත්, 74% ක චන්ද ප්‍රතිශතයක් සමග බිහිවන්නාවූ එම නව නායකත්වය තම පූර්ණ රාජ්‍ය කාලය හොබවමින්, බෞද්ධ ආගමට ප්‍රමුඛත්වය දෙමින් රට ස්වයංපෝෂිත කරන අතර මෙතෙක් තුන්වන ලෝකයේ දියුණු වෙමින් පවතින රටක් ලෙස හදුන්වන මෙම දර්මද්වීපය කාර්මික විප්ලවයක් හා තාක්ෂනයේ නව පෙරලිකාරකම් සමගින් ලෝක බලවතුන්ට අබියෝග කරන මට්ටමකට රට දියුණු කරනු ඇති බවද ඒ මහතා මීට පෙර වැඩි දුරටත් අනාවැකි පළකර තිබෙනවා.