වියත්මඟ කාටද? වියත්මඟ මොකටද?

“වියත්මග” 2018 වාර්ෂික සම්මේලනය පැවැත් වූයේ “බුද්ධියෙන් බල ගැන්වුනු ශ්‍රී ලංකාවක්” යන අපූරු තේමාවත් සමඟය. මේ වෙනුවෙන් හිටපු ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වගේම “වියත්මඟ” සංවිධානයේ සභාපති, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් ලියූ පූර්විකාවෙහි කොටසක් ඔබට පළමුවෙන්ම ගෙන ආ යුතු බව හැඟිණ.

“Viyathmaga has evolved within a short span of time to be the vibrant platform to engage professionals, academia, and entrepreneurs of time and it is our vision to build a strong and dynamic voice on policies for Sri Lanka’s growth, towards strategically aligning our nation to reap the benefits of the rising Asian economy.”

මීලඟට මම ඔබේ අවධානය යොමු කරන්නේ එහි සාකච්ඡා කරනු ලැබූ, අදහස් දක්වන ලද මාතෘකා හත පිළිබඳවයි.

1. ශ්‍රී ලංකාව සඳහා ප්‍රායෝගික දැක්මක අවශ්‍යතාවය

2. Ingredients for an innovative Economy

3. ජනතා කේන්ද්‍රීයාඅර්ථිකයක බලාපොරොත්තුව

4. Digital and Knowledge Economy

5. සමාජ නව්‍යකරණය – අනාගත ව්‍යාපාර සහ සහශ්‍රයේ පරම්පරාව පිබිදීම

6. Education for Value-Based Development Nation through Identifying individual Strengths and Future Challengers.

7. Sri Lanka’s Geo – Politics & National Security 2030: Continuity or Change

ඉහත සඳහන් කල කරුණු වලින්ම ඔබට වැටහෙන දේ ඔබට සාපේක්ෂ බව හැබෑව. නමුදු වත්මන් ලෝකයේ යාවත්කාලීන වන ප්‍රායෝගික මාතෘකා හතක් තුලින් 2030 දී අපේක්ෂිත ශ්‍රී ලංකාවක ඉලක්කයක් වෙත යන යථාර්ථවාදී ගමනක බලාපොරොත්තුවක්, වියත්මඟ විසින් ජනතා හිත් තුල ජනිත කර ඇති බව සත්‍යයක් බවට විවාදයක් නැත. කිසිදා නොවූ විරූ වැඩපිළිවෙලක් වෘත්තිකයන් වෙනුවෙන්, ශාස්ත්‍රඥ්ඥයින් වෙනුවෙන්, ව්‍යවසායකයින් වෙනුවෙන් වගේම ඔවුන් හා අත්වැල් බැඳගෙන ක්‍රියාත්මක වන අයුරු ප්‍රශංසණීයය. ඒ අනුව සුවදායී මෙන්ම ඵලදායී අළුත් රටක් පිළිබඳ යහපත් බලාපොරොත්තු ගොඩ නැංවීමේ මෙන්ම ගොඩ නංවා ගැනීමේ ප්‍රායෝගික වේදිකාව “වියත්මඟ” හරහා රටට හෙළි කරන බව දැනීමම කාන්තාරයක පිපාසයෙන් මියැදෙන්නට ආසන්න පුද්ගලයෙකුට ක්ෂේම භූමියක් ඇස ගැටුනාක් මෙන් සතුටුදායී හැඟීමක් ජනිත කරවයි.

මේ වෑයම යහපත් රටක් වෙනුවෙනි, මේ වෑයම යහපත් හෙටක් වෙනුවෙනි, මේ වෑයම යහපත් අනාගත පරපුරක් වෙනුවෙනි. පක්ෂ පාට ආගම් භේදය අනවශ්‍යය. වැදගත්ම වන්නේ වියත්මඟ සමඟ අත්වැල් බැදගෙන රට වෙනුවෙන් ඔබේ දායකත්වය ලබා දීම බව හැඟේ…

ඔබ වෘත්තිකයෙකුද, ශාස්ත්‍රඥ්ඥයෙකුද, ව්‍යවසායකයෙකුද? වියත්මග නම් අපූරු ප්‍රායෝගික වේදිකාව ඔබව පිළිගන්නට සූදානම්ව ඇත.

රටක් නිවැරදිව ගොඩ නැංවීමට නිවැරදි තැනක සිට ගැනීම ඔබේ මාන්නයට සෘණ බලපෑමක් නොව, එය ඔබේ මාන්නයට අභිමානයක් ගෙන දෙන්නක් බව අමතක නොකරන්න.