මැයි රැළියේදී රනිල්ට හූ කියන සැලැස්මක්…

අද දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂ මැයි රැළිය ඉතාමත් අවුල් සහගත තත්ත්වයන් ඔස්සේ පැවැත්වීමට නියමිත බව SL News Lanka වෙත වාර්තා වේ.

සුජීව සේනසිංහ, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, පාලිත රංගේ බණ්ඩාර, වසන්ත සේනානායක ඇතුලු එජාප පසුපෙළ මන්ත්‍රීවරු 40කට ආසන්න සංඛ්‍යාවක් ඒ සඳහා සෙනඟ සහභාගී කරවීම ප්‍රතික්ෂෙප කර ඇති නිසා, ආසන 5400ක් පමණක් ඇති සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය වෙන් කර ඇති බැව් වාර්තා වේ.

කෙසේ වුවත්, මේ මැයි රැළියේදී පාක්ෂිකයින් විසින් එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට දැඩි විරෝධයක් එල්ල කිරීමට නියමිත බව එජාප පසුපෙල මන්ත්‍රීවරයෙකුගේ සමීපතමයෙක් SL News Lanka වෙත පැවසීය.