පොහොට්ටුවේ මැයි රැළිය සූදානම්…

එළැඹෙන මැයි 7 දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැළිය, ගාල්ලේ සමනල ක්‍රීඩංගනයේදී පැවැත්වීමට සියළු කටයුතු යොදා ඇත. ඒ සඳහා අදාල දිස්ත්‍රික් දේශපාලනාධිකාරයන් සමඟ සාකච්ඡා කිරීම මේ දිනවල නෙළුම් මාවත කාර්‍යාලයේදී සිදු කෙරෙමින් පවතී.

අද දිනයේදී රත්නපුර දිස්ත්‍රික් දේශපාලන නියෝජිතයින් සමඟ සාකච්ඡා කෙරුණ අතර, පළාත් සභා මන්ත්‍රී කන්චන ජයරත්න හා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් ද සොයිසා ප්‍රකාශ කලේ මෙවර මැයි දිනයේ වැඩිම ජන සහභාගීත්වය රත්නපුර දිස්ත්‍රික්කයෙන් බවට කිසිදු සැකයක් නොමැති බවයි.

පසුගියදා පැවති යම් යම් ප්‍රශ්ණ පිළිබඳව විමසූ විට ඔවුන් දෙදෙනා පැවසූයේ, එළියේ සිට පක්ෂයට එන්නට අර අදින පිල්ලි වලට ගැලපෙනම පිළිතුර මෙවර මැයි රැලියේදී, රත්නපුර දිස්ත්‍රික් ජනතාව පෙන්නුම් කරනු ඇති බවයි.