මුදල් ඇමති වෙලා හිටපු රවීට හම්බවෙන අලුත්ම ඇමති පට්ටම මෙන්න…

හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට මහාමාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍ය ධූරය හිමිවන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ අතර හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානයක මහතාට සංචාරක හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය ලබා දෙන බව පසුගිය කාලය තුළ මත පළ වුවත් ඊයේ(30) රාත්‍රී වන තෙක් මේ පිළිබඳ අවසන් තීරණයකට එලඹ නොමැති බව වාර්තා වනවා.

මේ අතර නව අමාත්‍ය මණ්ඩලය අද(01) දිනයේ දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.

නව අමාත්‍ය මණ්ඩල දිවුරුම්දීමේ දී දැනට අමාත්‍යධුර දරන අමාත්‍යවරුන්ගේ විෂයන්වල වෙනස්කම් සිදුවිය හැකි බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වූ අමාත්‍යධුර සඳහා නව අමාත්‍යවරුන් කිහිපදෙනෙකු පත් කිරීම ද අද දිනයේ සිදුවනු ඇත.

විද්‍යානුකූල පදනමක් මත නව අමාත්‍ය මණ්ඩලය පත් කරන බවට පසුගියදා පැවති උත්සවයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබුණා.