අද ඉදන් වෙසක් බලන්න කොළඹ එනවනම් මේ ගැනත් දැනුවත් වෙන්න

වෙසක් උත්සවය හේතුවෙන් කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසනවා.

ඒ අනුව මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන අතර රථ ගාල් කිහිපයක් ද හඳුන්වාදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කොම්පඤ්ඤවීදිය, ශ්‍රීමත් ජේමිස් පීරිස් මාවත, පෙරහැර මාවත, සිරි උත්තරානන්ද මාවත, බේබෲක් ප්ලේස්, ඩෝසන් වීදිය සහ විජේරාම මාවත යන මාර්ගවල හෙට (29) සිට ලබන මැයි මස 2 වනදා දක්වා රාත්‍රී 7 න් පසු වරින් වර වාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇති.

එම කාලය තුල මාර්ගය සම්පූර්ණයෙන් වසා තැබීමට හෝ වාහන එක් අතකට ධාවනය කරවීමට සිදුවනු ඇතැයි ද පොලිසිය සඳහන් කළා.
එවැනි අවස්ථාවලදී රාජකාරියේ නිරතව සිටින පොලිස් නිලධාරීන් විසින් වාහන විකල්ප මාර්ගවලට යොමුකරනු ඇති.

පිටකොටුව ප්‍රදේශය – මැල්බන් විදිය, කුමාර විදිය, කේසර් විදිය.
මරදාන ප්‍රදේශය – ඩි.ආර් විජේවර්ධන මාවත, මාලිගාකන්ද පාර.
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශය – සිරිල් සි පෙරේරා මාවත, ආතර් සිල්වා මාවත, වින්සන් පෙරේරා මාවත වම්පස යන ප්‍රදේශ වේ.
බොරැල්ල ප්‍රදේශය – සිරිධම්ම මාවත, ආනන්ද රාජකරුණා මාවත, නගර සභා රථගාල, කොටා පාර, ටිකල් පාර, බේස්ලයින් පාර (එක් මන්තිරුවක්)