අලුත් නීතියක් එක්ක WhatsApp තහණම් කරන රටවල් මෙන්න..!

සමාජ ජාලා මාධ්‍ය වාරණය පිළිබඳ පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවේ ඉතා වැඩි වශයෙන් කතාබහට ලක්වුන මාතෘකාවක්. ලංකාවේදී වයස් සීමාවකින් තොරව සමාජ ජාලා භාවිතා කරන ආකාරයත් දැක ගන්න පුළුවන්. ලංකාවේ එම තත්වය ඒ විදියට සිදුවුනත් යුරෝපා සංගමයට අයත් රටවල්වල වෙසෙන වයස අවුරුදු දාසයට අඩු දරුවන්ට WhatsApp පණිවුඩ හුවමාරු ජාලය අවහිර කිරීමට කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එසේම යුරෝපා සංගමයට අයත් රටවල්වල වයස අවුරුදු දහතුනට අඩු දරුවන්ට දැනටමත් WhatsApp ජාලය භාවිත කිරීම තහණම් වන අතර එළඹෙන මැයි මස 1 වනදා සිට නව විධිවිධාන ක්‍රියාත්මක කිරීමට පෙර WhatsApp ජාලයේ නීති සංශෝධනය කිරීමට ඔවුන් සූදානම්ව සිටින බවයි සඳහන් වෙන්නේ.

කෙසේවෙතත් යුරෝපය හැර ලොව පුරා අනෙකුත් රටවල් සඳහා අවුරුදු 13 හි වයස් සීමාව සංශෝධනය කිරීමේ සැලසුමක් නොමැති බවත් ඉදිරි සති කීහිපය තුළදී නව කොන්දේසි හඳුන්වා දෙන බවත් ඔවුන් පවසනවා. ඒ අනුව නව කොන්දේසි ක්‍රියාත්මක කරන විට තම වයස තහවුරු කරන ලෙස WhatsApp ජාලය දැනුම් දී තිබෙනවා.

විදෙස් වාර්තා වලට අනුව බ්‍රිතාන්‍යයේ සමාජ මාධ්‍ය ජාල භාවිත කරන වයස 12ත් 15ත් අතර දරුවන් අතරින් තුනෙන් එකක් පමණම WhatsApp ජාලයේ භාවිතා කරනු ලබනවා.

යුරෝපා සංගමයේ රටවල් සඳහා WhatsApp නීති එලෙස වෙනස් කිරීමට සැළසුම් කරද්දී එම රටවල්වල ෆේස්බුක් භාවිතා කරන 13ත් 15ත් අතර දරුවන් සඳහා දෙමාපියෙකුගේ හෝ භාරකරුවෙකුගේ අනුමැතියක්ද අවශ්‍ය වෙනවා.

ඔස්ට්‍රියාව, බෙල්ජියම, බල්ගේරියාව,ක්‍රොයේෂියාව, සයිප්‍රසය, චෙක් ජනරජය, ඩෙන්මාකය, එස්තෝනියාව, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ග්‍රීසිය, හංගේරියාව, අයර්ලන්තය, ඉතාලිය, ලැට්වියාව, ලිතුවේනියාව, ලක්සම්බර්ග්, මෝල්ටාව, නෙදර්ලන්තය, පෝලන්තය, පෘතුගාලය, රොමේනියාව, ස්ලෝවැකියාව, ස්ලෝවේනියාව, ස්පාඤ්ඤය, ස්වීඩනය සහ එක්සත් රාජධානිය රටවල් යුරෝපා සංගමයට ඇතුලත් වෙනවා.

Random Video: