ශ්‍රීලනිපයෙන් 16ක් එළියට ඒම මෛත්‍රීගේ උගුලක්..! සාක්ෂි එක්කම පොහොට්ටුවට මාට්ටු..

අගමැතිගේ විශ්වාසභංගයට පක්ෂව ශ්‍රීලනිප මැති ඇමතිවරුන් 6 දෙනෙකු අත එසවීම පසුගිය දිනවල ඉතා උණුසුම් මාතෘකාවක් වී තිබිණ. ඔවුන් දැඩිව අගමැතිවරයාව විවේචනය කිරීම නිසා පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් අතරද යම් ජනප්‍රියත්වයක් හිමිවිය. ඒ වගේම මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට ඇප ලැබුනු දිනයේ ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා විසින්, සන්ධානයේ හා ශ්‍රිලනිප ලේකම්වරුන්ට දැඩි ලෙස වාග් ප්‍රහාර එල්ල කිරීම තුලද මොවුන්ගේ ජනප්‍රියත්වය ඉහල යනු පෙණින.

කෙසේ වුවත් මෙම 16 කණ්ඩායමේ මෑත කාලීනම තීරණය වූයේ රනිල් වික්‍රමසිංහයන් අගමැති ධූරයෙන් පහ කල යුතු බවයි. එම තීරණය රැගෙන ජනපති හමුවීමට එංගලන්තය බලායෑමට තිදෙනෙක් යෝජනා වී තිබිණ. ඒ හිටපු අමාත්‍යවරුන් වන චන්දිම වීරක්කොඩි, ඩිලාන් පෙරේරා සහ ලක්ශ්මන් වසන්ත පෙරේරා යන අයයි.

නමුත් මෙතෙක් කලක් ඔවුන් කරගෙන ආ බොරුව ගුවන් තොටුපලේදී අවසන් විය. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයන්ගේ ගජ මිතුරන් දෙදෙනෙක් ඔවුන් හා එක්වීමත් සමඟය. ඒ මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයාගේ සම්භන්ධීකරණ ලේකම් කලහගල ප්‍රියන්ත සහ පොළොන්නරුව ආපදා කළමණාකරන ඒකකයේ ප්‍රධානී උපුල් නානායක්කාර යන දෙදෙනායි. මෙහිදී ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා කලහගල ප්‍රියන්ත සමඟ පවසා ඇත්තේ, කෙසේ හෝ පොහොට්ටුවේ ඡන්ද පදනම විනාශ කලයුතු බවත්, මෙය එහි ආරම්භය පමණක් බවත් ය.

කෙසේ හෝ මෙම ආරංචිය වගේම ඊට අදාල ඡායාරූපයත් ඒකාබද්ධ විපක්ෂය වෙත ලැබීමත් සමඟ ශ්‍රීලනිප 16 කණ්ඩායමෙන් ඒකාබද්ධ විපක්ශ මන්ත්‍රීන්ට දුරකථන ඇමතුම් එන්නට පටන් ගෙන තිබේ. ඊට පිළිතුරු දුන් මහින්දානන්ද අළුත්ගමගේ මන්ත්‍රීවරයා සහ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පවසා ඇත්තේ, “අපි කොහොමත් ඔයාලව ගන්නෙ නෑ.. ඔයාලගෙ ලොක්කගෙ ගේම් වලට අහු නොවුනු අපි ඔයාලගෙ ගේම් වලට අහුවෙයි කියලා හිතන්න එපා” යනුවෙනුයි.

කෙසේ වුවද සැලසුම් හෙලිවීම නිසා ශ්‍රීලනිප 16 කණ්ඩායම අන්ත අසරණ තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ.