ශ‍්‍රීලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන බව ජනාධිපති අගමැතිට දන්වයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට දන්වා ඇත.

විශ්වාස භංගයට පක්‍ෂව ඡන්දය දුන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමතිවරුන් පිරිසකට එරෙහිව එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී පිරිසක් විසින් කතානායකවරයාට විශ්වාස භංගයක් බාර දීම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් මේ බව අගමැතිමැතියවරයාට දන්වා තිබේ.

විහ්වාස භංගයක් බාර දීම ඔ්නෑම මන්ත‍්‍රි පිරිසකගේ අයිතියක් බවත් තමන් එයට ගරු කරන බවත් සදහන් කර ඇති ජනාධිපතිවරයා ඉදිරියේදී තනි ආන්ඩුවක් පවත්වාගෙන යාම සදහා සුබ පතන බවද සදහන් කර ඇත.

ශ‍්‍රීලනිප ඇමතිවරුන් පිරිසට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාස භංගව ඉවත් කර ගන්නැයි තමන් කිසිදු බලපෑමක් නොකරන නමුත් එවන් තත්වයකදී ආණ්ඩුව තුල සිටීමි කිසිදු උවමනාවක් ශ‍්‍රිලනිපයට නැතැයිද ජනාධිපතිවරයා වැඩි දුරටත් දැනුම් දී තිබෙන බව ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග සදහන් කරයි.

– ලංකා සී නිවුස්