යූටියුබ් ආයතනයේ කලබලයක්..! ස්‌වැට්‌ ප්‍රහාරක බළකායක්‌ යූටියුබ් ආයතනයට…

ඇමරිකාවේ පිහිටි ගූගල් සමාගමට අයත් YouTube වෙබ් අඩවි මුලස්‌ථානය තුල සිදු වූ වෙඩි තැබීමක් නිසා එම ආයතනයේ සියළුම සේවක සේවිකාවන් භීතියට පත්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අත් තුවක්‌කුවක්‌ රැගෙන පැමිණි කාන්තාවක් විසින් කැලිෆෝනියාවේ සැන්ට්‌ බෘනෝහි පිහිටි YouTube මුලස්‌ථානයට ඇතුළ වී තම පෙම්වතා ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. වෙඩි තැබීමෙන් පසු අදාල කාන්තාවද වෙඩි තබාගෙන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ YouTube සේවකයින් සාදයක් පවත්වෙමින් සිට ඇති අතර මේ හේතුවෙන් YouTube ක්‍රියාකාරීත්වය අඩාල වී නැහැ. නමුත් මෙම වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ එහි සිටි සේවකයින් අසල පිහිටි මාර්ග වෙත පැන දිවූ බව සිද්ධිය ඇසින් දුටූවන් ප්‍රකාශ කර තිබෙනවා.

වෙඩි තැබීමෙන් සිව්දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් එම කාන්තාවගේ පෙම්වතා යෑයි කියන තැනැත්තා අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි සඳහන් වන්නේ.


මෙම වෙඩි තැබීම සිදු කළ කාන්තාව පිළිබඳ තොතරතුරක් අනාවරණය වී නොමැති බව කැලිෆෝනියානු පොලිසිය විසින් පවසන අතර මෙම සිද්ධිය සැලවූ වහාම ස්‌වැට්‌ ප්‍රහාරක බළකායක්‌ YouTube මූලස්‌ථානය වෙත පැමිණ තිබෙනවා.

මෙම සිද්ධියත් සමඟ ඇමරිකාව තුල අවි ආයුධ පාලනයක් කඩිනමින් ඉටු කළ යුතු බව එරට ජනතාව පෙන්වා දෙනවා.කෙසේ නමුත් ජනාධිපති ට්‍රම්ප් මෙතෙක්‌ අවි ආයුධ පාලනය ගැන නිසි පියවර ගෙන නොමැති අතර ගතවූ වසර තුල ඇමෙරිකාවේ වෙඩි තැබීම් 716 ක්‌ සිදු වී ඇති බව එරට මාධ්‍ය සඳහන් කරනවා.