විශ්වාසභංගයේදී රනිල් ගෙදර යවන්නෙ මෙහෙමයි..

රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කොට ඇති විශ්වාසභංග යෝජනාව තවත් පැය 48 කින් පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා අතර තවත් පැය 72ක් ඇතුලත රනිල්ට අගමැති ධුරය අහිමි වනවාද? ජනතා මතයට පාර්ලිමේන්තුවේ බහුතරය හිස නමනවාද? මුදල් වෙනුවෙන් මහජන මතය විකිණී ගියේද? යන්න සැක හැර දැන ගැනීමට පුළුවන්. විශ්වාසභංග චන්ද විමසීම ඉලෙක්ට්‍රෝනික් ක්‍රමයට නොපැවැත්වීමට පක්ෂ නායකයින් තීන්දුවක් ගනු ලැබූ අතර එය රහස් චන්දයක් හෝ අත ඔසවා සිදු කරන සාමාන්‍ය ක්‍රමවේදයේ චන්දයක් ලෙස පැවැත්වීමට තීරණය කොට ඇත. මෙම චන්ද විමසීම රහස් ක්‍රමයට පැවතිය හොත් රනිල් වික්‍රමසිංහ පරාජය වන අතර රහස් ක්‍රමයට නොපැවතිය හොත් රනිල්ට ජය ගැනීමේ වැඩි සම්භාවිතාවක් ඇති බව පෙනේ. ඉන්දියානු හා ඇමරිකානු තානාපති කාර්යාල මලික් සමරවික්‍රම, පාස්කරලිංගම් ඇතුළු පිරිසත් දඹර අමිල හිමි, දෙමළ ඩයස්පෝරාව හා මෙරට රාජ්‍ය නොවන සංවිධානත් මගින් ලබා දුන් කෝටි 15 මුදල් මලු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් අතර බෙදා දී තිබීම නිසාත් ඇමරිකානු තානාපති වරයාගේ සෘජු මැදිහත් වීම නිසාත් ඇතම් මන්ත්‍රී වරුන් ලබා ගෙන ඇති රහස් උදවු උපකාර නිසාත් රනිල්ට එළිපිට පහර දීමට හා විරුද්ධ වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එජාපයේ හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී පිරිසක් දැඩි මැලි කමක් දක්වනු ඇත. එසේම ඉන්දියානු තානාපති කාර්යාලය හරහා හකීම්, මනෝ ගනේෂන්, දිගම්බරම්, රාධක්‍රිෂ්ණන් ඇතුළු පිරිසත් දෙමල ජාතික සන්ධානයේ පිරිසත් ඔවුන්ගේ මුදල් වලට යට කොට පවතින නිසා අත ඔසවා ලබා දෙන චන්දයකදී ඔවුන් බහුතරයක් රනිල්ට එරෙහි නොවීමට වග බලා ගනු ඇත.

එසේම සිරිසේන ජනාධිපතිවරයාගේ බලපෑම් මත චන්දය දීමට හෝ නොදීමට සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මන්ත්‍රී වරුන්ද මෙහිදී රනිල් වෙනුවෙන් අකමැත්තෙන් වුවත් පෙනී සිටිනු ඇත.එසේම චන්දය භාවිතා නොකරන බව සදහන් කරමින් මුදල් ලබා ගත් මන්ත්‍රී වරුන්ද මෙහිදී අපහසු තාවයට පත්ව චන්ද ලබා නොදෙනු ඇත.එහෙත් රහස් චන්දයක් පැවැත්වුව හොත් චන්ද 05 ත් 10 ත් අතර ප්‍රමාණයකින් රනිල් වික්‍රමසිංහ පරාජයට පත් වන අතර චන්දය භාවිතා නොකරන බවට පොරොන්දු වී එක්සත් ජාතික පක්ෂයෙන් මුදල් ලබා ගත් මන්ත්‍රී වරුන් බහුතරයක් එහිදී රනිල්ට එරෙහි වනු නොඅනුමානය.

එසේ රහස් චන්දයක් පැවතිය හොත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පරාජය කිරීම සදහා මන්ත්‍රී වරුන් 102 ත් 108 ත් අතර ප්‍රමාණයක් තම චන්දය භාවිතා කරනු ඇති අතර රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ආරක්ෂා කිරීම සදහා 97 ත් 105 ත් අතර ප්‍රමාණයක් තම චන්දය භාවිතා කරනු ඇත.එසේම රහස් චන්දයක් තුල චන්දය භාවිතා නොකරණ මන්ත්‍රී වරුන් ගණන 07/12 ත් අතර ප්‍රමානයක් වනු ඇත.

රහස් චන්දයක් නොමැතිව චන්ද විමසීම පැවතිය හොත් 20-26 ක් අතර ප්‍රමණයක් චන්දය භාවිතා නොකිරීමටත්, 85 ත් 98 ත් අතර ප්‍රමාණයක් රනිල්ට එරෙහි වීමටත් 92ත් 100 ක් අතර ප්‍රමණයක රනිල් ආරක්ෂා කිරීමටත් චන්දය ලබා දෙනු ඇත. යම් හෙයකින් සිරිසේන ජනාධිවරයා ඩබල් ගේම් නොමැතිව එක එල්ලේ රනිල් ගෙදර යැවීම සදහා කටයුතු කළහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් චන්දය ලබා නොදීමට බලාපොරොත්තු වන 07 දෙනාගේ හා එක්සත් ජාතික පෙරමුණේ රන්ජන් රාමනායක අර්ජුන රණතුංග ඇතුළු 04 ක් රනිල් එළවීම සදහා අත ඔසවන බවත් එසේ වුවහොත් රහස් චන්දයක් පැවතියත් නැතත් රනිල්ට ගෙදර යාමට සිදුවනු ඇත.එහෙත් සිරිසේන ජනධිපතිවරයා තමන් බලයට ගෙන ආ රනිල් බේරා ගැනීමට ඩබල් ගේමක් ගසමින් පවතින බව ජනතාවට රහසක් නොවේ.

මෙය අප විසින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂයන්හි සිංහල, දෙමළ, මුස්ලිම්, මන්ත්‍රී වරුන් සමග සිදු කළ කරුණු විමසීම් අනුව කරන ලද නිගමනයක් බවත් මතක් කළ යුතුය. ඒ අතර අප්‍රේල් 04 රාත්‍රී 10 න් පසු විස්වාසභංග නිගමන චන්ද ප්‍රථිපලය හා සත්‍ය ප්‍රථිපලය සංසන්ධනය කර බැලීමට හැකියාව ලැබෙනු ඇත.

– කේපී.