ජෝන් සෙනෙවිරත්න රත්නපුරේ අවලංගු කාසියක් බවට පත් වේ..!

රත්නපුර දිස්ත්‍රික්කයේ කෘතහස්ත දේශපාලකයෙකු ලෙසින් නමක් දිනා සිටි වත්මන් කම්කරු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මැතිතුමන්, රත්නපුර දිස්ත්‍රික්කයේ දේශපාලන කඩා වැටීමකට ලක්ව ඇති බව වාර්තා වේ.. මෙම කඩාවැටීමෙන් ඔහුව බේරාගැනීම සඳහා ඔහුගේ හිතවාදීන් සයිබර් අවකාශය තුල වියරුවෙන් යකා නටන බවද SL News Lanka වෙත වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම අර්බුධය නිර්මාණය වී තිබෙන්නේ පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රථිපල අනුව අදාල සභාවන් පිහිටුවන්නට යෑමේදීය. කිසිදු පලාත් පාලන ආයතනයක් ඔහුගේ යටතට ගැනීමට නොහැකි වී ඇති අතර, සභාවල් පිහිටුවීම සඳහා ඔහු විසින් කල යෝජනා සියල්ල ඔහුගේම පක්ශයේ පළාත් සභා මන්ත්‍රීවරුන් විසින්ම ගණන් නොගෙන ඉවත දමා තිබේ.

ජෝන් සෙනෙවිරත්න ඇමතිවරයාගේ ආසනය වූ රත්නපුර ආසනයේ හදවත වූ රත්නපුර නගර සභාවේ බලය පිහිටුවන්නට ආ අවස්ථාවේ මෙම හානිය උග්‍ර අතට හැරී තිබේ. අවසාන මොහොතේ පොහොට්ටුවට එක් වී නාම යෝජනා ලබා ජයග්‍රහණය කල ඔහුගේ දැඩි හිතවතෙක් වන විනී නම් පුද්ගලයෙකු නගරාධිපති කරන්නට ඔහු ගැසූ සියළුම දේශපාලන ගේම් අසමත්ව, ටිරෝන් අත්තනායකනම් දැඩි මහින්දවාදී වගේම පොදුජන පෙරමුණෙ ආරම්භකම සාමාජිකයෙක් වූ මන්ත්‍රීවරයෙක් නගරාධිපති වීම හේතු වී තිබේ.

මේ නිසා කලබලයට පත් ජෝන් සෙනෙවිරත්න හිතවාදීන් දිගින් දිගටම සයිබර් අවකාශය තුල යකා නටමින් විවිධ පාර්ශ්ව වලට මඩ ප්‍රහාර එල්ල කරමින් සිටින අයුරු දිස් වේ…

Random video from the web: