හෙට උදේට පොළවට වැටෙන චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය අද රෑට ලංකාව උඩින්..!

2011 වසරේ දී චීනය විසින් අභ්‍යවකාශ ගතකරන ලද Tiangong-1 අභ්‍යවකාශ මධ්‍යස්ථානය අද (1) මධ්‍යම රාත්‍රී 12:34 ට ශ්‍රී ලංකාවට කිලෝ මීටර් 479 ක් තරම් ආසන්නයෙන් ගමන් කරන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා සහ අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධක්ෂක මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා.

කෙසේ වෙතත් එහි ප්‍රධාන කොටස් ශ්‍රී ලංකාවට කඩා නොවැටෙන බවත් ඒ හේතුවෙන් මෙරට ජනතාවට කිසිදු භීතියකට පත් නොවිය යුතු බවත් ඔහු පෙන්වා දෙනවා.

වායු ගෝලීය බලපෑම් වල වෙනස් වීම මත මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානය කඩා වැටෙන ස්ථානය පිළිබඳව නිවැරදිවම ගණනය කළ නොහැකි නමුත් මෙතෙක් කර ඇති නිවැරදිම ගණනය කිරීම් වලට අනුව එය හෙට (2) මෙරට වේලාවෙන් අළුයම 4.55 ත් 5.23 ත් අතරදී Tiangong-1 අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කොටස් මැලේසියාවට ආසන්නව කඩාවැටිය හැකි බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.

එසේම මෙම සිදුවීම පියවි ඇසේට නොපෙනෙන බවත් යම් ලෙසකින් දුරේක්ෂයක් හරහා දැක ගැනීමේ හැකියාවක් පවතින බවත් මහාචාර්යවරයා පෙන්වා දෙනවා.

Trending: