හිටපු ජනපති මහින්ද කතරගමටම ගිහින් ඔප්පු කරපු බාරයේ විස්තරය මෙන්න

පසුගිය පළාත් පාලන මැතිවරණයට තරග කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය ලබා දුන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, එම මැතිවරණයට පෙර කතරගම පුද බිමට බාරයක් වී තිබුණා. ඒ මැතිවරණයේ ජයග්‍රහනය වෙනුවෙන්.

ප්‍රාදේශීය සභා මැතිවරණයට පෙර සිදු වූ එම බාර හාර ඔප්පු කිරීම පිණිස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය දින කතරගම පූජා භූමියට පැමිණ ආගමික වතාවත් රැසක නිරතව සිටීම විශේෂත්වයක්.

කතරගමට පැමිණි මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රථමයෙන් කිරිවෙහෙර විහාරස්‌ථානයට පැමිණ ආගමික වතාවත් සිදුකර අනතුරුව දේවාල භූමියට පා ගමනින්ම පැමිණ අෂ්ඨ ඵල බෝධියට ගොස්‌ බෝධි පූජාවකට එක්‌ වී කිරිවෙහෙර හා ගණ දේවාලය වැඳ පුදා ගෙන කතරගම මහා දේවාලයට පැමිණ කතරගම දෙවියන් වෙත පලතුරු පූජාවක්‌ තබා දේව ආශිර්වාදය ලබාගත්තේය.

රුහුණ මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක කතරගම ශ්‍රී අභිනරාමාධිපති ශාස්‌ත්‍රපති කපුගම සරණතිස්‌ස හිමියන් මෙම ආගමික වතාවත් මෙහෙයවා තිබුනේය.