රුසියානු ජනතාවගෙන් ශ්‍රී ලංකාව ඉගෙන ගත යුතු පාඩම..

මට මතකයි බැරක් ඔබාමා එයාගේ ජනාධිපති දුර කාල දෙක ඉවරවෙලා යනකොට ඇමරිකාවේ රිපබ්ලිකන්වරුන්ටත් වඩා ජයපැන් බීවේ උවිඳු කුරුකුලසූරිය වගේ ලංකාවේ NGO කරන කට්ටිය. එයාල ෆේස්බුක් එකේ ලියමින් ඇහුව ඇයි මහින්දට ඒ වගේ යන්න බැරි කියල. ඇමරිකාව වගේ ලොකු රටවලත් (එයාලට ලොකු) යනවා ලංකාවේ බයියන්ට තමයි යන්න බැරි කියල එයාල ව්ස්සෝප වුනා. හැබැයි අපි කීවා ‘මිනිස්සු අනවශ්‍යනම් ගෙදර යවයි – මිනිස්සු අවශ්‍යනම් තියාගනියි’ කියල. නමුත් උවිදුල වගේ කොළඹ ‘බුද්ධිමතුන්’ හිතන්නෙ ‘මහින්දවාදි ජන්දදායකයෝ ගෝත්‍රිකයි ඒ නිසා රටේ දේශපාලනය වෙනවිදිහ තීරණය කරන්න එයාලට ලොකු දැනුමක් නෑ’ කියල හින්ද එයාල වගේ අය දිගටම කිව්වා ‘මිනිස්සුන්ට තීරණය කරන්න දීල හරියන්නෙ නෑ කොහොමත් වාර දෙකෙන් මහින්ද ගෙදර යන්න ඕන’ කියල. අපි දුන්න උත්තරේම මිනිස්සු දීල මහින්දව නැවතත් ඉතිහාසගත ජනවරමකින් රටේ ප්‍රධානම දේශපාලන බලවේගය බවට පත්කරවල තියෙනවා. කොළඹ NGO කට්ටිය තරහෙන් වගේ යු එන් පි කට්ටිය දිහා බලන් ඉන්නවා. යු එන් පි කට්ටිය තරහින් වගේ සිරිසේන ජනාධිපතිතුමා දිහා බලන් ඉන්නවා.

මේ සියල්ල යලිත් වරක් මතකයට ආවේ පුටින් හතර වෙනි වතාවටත් රුසියාව දිනාගත්ත නිසා. පුටින් ඔප්පු කරලා පෙන්නුවා බටහිර මාධ්‍ය, බටහිර NGO, බටහිර කැම්පේන්, බටහිර බියගැන්වීම් වලට වඩා ඉස්සරහින් රුසියාවේ මිනිස්සු ඉන්නවා කියලා. පුටින් ඔප්පු කරලා පෙන්නුවා ජාත්‍යන්තරය දිනනවා කියන්නෙ අපේ කට්ටිය වගේ UN එකටයි සුද්දන්ටයි නැමෙන එකම නෙමෙයි කියල. රුසියාවේ මිනිස්සු ඔප්පු කරලා පෙන්නුවා බටහිරට කත් අදින අයට වඩා රටේ අභිමානය රකින මිනිහට පැවැත්මක් තියෙනවා කියල. ඔබාම දෙකෙන් ගියාට පුටින් යන්න ඕනා නෑ. යන්න ඕන දවස මිනිස්සු කියයි.

අනිත් පුදුම සහගත කාරණේ තමයි ජර්මනියේ චාන්සලර් පස් හය වතාවක් පත්වුනත් කොළඹ NGO කට්ටිය මුකුත්ම නොකියා සිටීම. ඒකට සරලම හේතුව තමා මේ ගොඩක් අයට ආධාර දෙන්නේ, පිටරට පුහුණුවීම් වලට යන්න උදව් කරන්නේ, ඉගෙනගෙන එන්න ශිෂ්‍යත්ව දෙන්නෙ ජර්මනිය සහ ජර්මනියෙ සල්ලි වලින් යැපෙන යුරෝපියන් යුනියන් එකෙන් නිසා. ඒ සල්ලි අරන් එයාල කියනවා ලංකාවේ ජනාධිපති මිනිස්සු කැමති උනත් අකමැති උනත් වාර දෙකෙන් යන්න ඕන කියල.

ආපු ගමන් 19 වන සංශෝධනය හරහා ජනපතිගේ වාර ගණන යලිත් දෙකකට සිමා කරපු යු එන් පි – ශ්‍රී ලංකා ආණ්ඩුව සහ එහි හවුල්කරුවන්ට හික් ගෑවුනේ එයාලට වැඩියෙන්ම උදව්කරන, එයාල විකුණන හැමදේම සල්ලි දීල ගන්න, එයාලගේ හැම ව්‍යාපෘතියටම ණය දෙන චීනයත් තීරණය කලාම චීනයේ ජනාධිපතිටත් අවශ්‍යනම් ජනතාව කැමති කාලයක් ඉන්න පුළුවන් කියල. අන්න ඒකට ඔය යහපලනවාදී කවුරුවත් ‘මීක්’ සද්දයක් නෑ.
ඔබාමා ගියාට පුටින් යන්නෙ නෑ. ඔබාම ගියාට චීන ජනපති යන්නෙත් නෑ. කොළඹ NGO වලට ඕන වුනාට මහින්ද යන්න ඕනත් නෑ.

දැන්වත් රටේ මිනිස්සු කියන දේට කන්දෙමු.

– මිලින්ද රාජපක්ෂ