ඇස් නටවා ලොවක් වසගයට ගත් ප්‍රියා ප්‍රකාශ් හින්දි සිනමාවට…

‘ඔරු ආදර් ලව්’මලයාලම් චිත්‍රපටය හරහා ඉන්දීය සිනමා රංගනයට එක්වූ සුරූපි ප්‍රියා ප්‍රකාශ් ඉදිරියේදී බොලිවුඩ් වෙනමාවටද එක්වීමට නියමිත බව කෝයි මෝයි වෙබ් අඩවිය සඳහන් කර සිටියි.

මේ වන විට දකුණු ඉන්දියා‍වේ අතිශය ජනප්‍රිය වී ඇති ප්‍රියාට මලයාලම්, දමිල, කන්නඩි, තෙළිඟු චිත්‍රපට බොහෝමයක් සඳහා ආරාධනා ලැබි ඇත.

රෝහිත් ෂෙට්ටි විසින් අධ්‍යක්ෂණය කරන ‘සිම්බා’ චිත්‍රපටයේ රන්වීර් සිං සමගින් එහි ප්‍රධාන චරිතයට ප්‍රියා ප්‍රකාශ් තෝරාගෙන තිබීමද විශේෂත්වයක්.

ප්‍රියා අනාගත බොලිවුඩ් සිනමාවට නැතුවම බැරි චරිතයක් වීමට ඉඩකඩ තිබෙන බව ඇයගේ හැකියාවන්ගෙන් මනාව පිළිඹිබු වේ.