අනාරක්ෂිත VPN භාවිතාකල ලක්ෂගානක් ශ්‍රී ලාංකිකයන් අනතුරේ…

පසුගිය දිනවල ෆේස්බුක් සමාජජාලය ඇතුළු වයිබර් වැනි අන්තර්ජාල සන්නිවේදන මාද්‍යයන් කිහිපයක් තාවකාලිකව තහනම් කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කිරීම නිසා ලාංකිකයන් බොහෝ පිරිසක් එම සමාජජාලයන් වෙත පිවිසීමට VPN සේවාවන් භාවිතාකර තිබෙනවා.

එලෙස VPN භාවිතා කල ලක්ෂ සංක්‍යාත ශ්‍රී ලාංකිකයන්ගේ පෞද්ගලික දත්ත මේ වන විට අනාරක්ෂිත බවට පත්වී ඇති බව අන්තර්ජාල ආරක්ෂාව පිළිබද විශේෂඥයෙකු වන අසේල විද්‍යාලංකාර මහතා පවසනවා.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වාර්තා වලට අනුව එම පසුගිය දින කිහිපය තුල ශ්‍රී ලාංකිකයන් 880,000 ක් පමණ VPN භාවිතා කර තිබෙනවා.

අනාරක්ෂිත VPNs භාවිතා කල පුද්ගලයින්ගේ පුද්ගලික දත්ත සහ බැංකු තොරතුරු අනාරක්ෂිට බවට පත්වී ඇති බවද මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් අසේල විද්‍යාලංකාර මහතා වැඩි දුරටත් සදහන් කර තිබෙනවා.

එම නිසා VPN පරිශීලනය කල සියළුම පරිශීලකයින්ගෙන් ඔහු ඉල්ලා සිටින්නේ එම apps වහාම ඔබේ උපාංග වලින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසයි.

අනාරක්ෂිත VPN භාවිතයේ ඇති අවදානම ගැන තොරතුරු දැක්වෙන වීඩියෝවක් පහතින්,