මුස්ලිම් පල්ලිවල ශබ්ද විකාශන තහනම්…! පල්ලි 700 ක් වසා දමයි..!

රුවන්ඩාවේ කිගාලි අගනුවර පිහිටි මුස්ලිම් පල්ලි තුල ශබ්ද විකාශන යන්ත්‍ර තහනම් කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබේ. ශබ්ද විකාකාශන යන්ත්‍ර යොදා ගනිමින් දිනකට පස්වරක් මුස්ලිම් බැතිමතුන්ට යාච්ඤා කිරීමට කැඳවීම නිසා ඒ අවට ජනතාවට දැඩි බාධාවක් එල්ලවන බව පවසමින් එරට බළධාරීන් මෙම තීරණය ගෙන තිබෙනවා.

මුස්ලිම් සංවිධාන විසින් මෙය දැඩි ලෙස හෙලා දැක ඇති අතර ශබ්දය අඩු කරමින් එය පවත්වාගෙන යාමට අවසර ලබා දෙන ලෙස එරට රජයෙනන් ඉල්ලා තිබෙනවා. කෙසේ නමුත් පසුගිය මාසයතුල ශබ්ද දූශණය වැලැක්වීමේ නීතියට පටහැනිව ක්‍රියාත්මක කල පල්ලි 700 ක් වසා දැමීමටද රජය කටයුතු කර තිබෙනවා.

එරට ජනගහනයෙන් 56.9% ක් රෝමානු කතෝලිකයන් වන අතර මුස්ලිම් ජනතාව ජිවත් වන්නේ 4.65% කි.