ටේ සාමය රකින්න අන්තර්ජාලයේ සිදුවන සියලු වෙනස්කම් මෙන්න

කලබලකාරී සිදුවීම් වාර්තා වූ මහනුවර දිස්ත්‍රික්කයට සිය අන්තර්ජාල සම්බන්ධතා ක්‍රියා විරහිත කිරීමට ඇතැම් දුරකථන සන්නිවේදන සමාගම් ක්‍රියා කර තිබෙනවා. ඒ විදුලි සංදේශ නියාමන කොමිසම සිදු කළ දැනුම් දීමකට අනුවයි.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කය තුල 3g හා 4g අන්තර්ජාල සබදතා අක්‍රිය කර තිබෙනවා.

මේ අතර ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවි, වට්ස්ඇප්, වයිබර් හා මැසෙන්ජර් වැනි සන්නිවේදන යෙදවුම්ද අධීක්ෂණය කිරීමට ආරක්ෂක අංශ තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව එම වෙබ් අඩවි හා යෙදවුම් ඔස්සේ සාමයට හානි විය හැකි දේ සිදු කරනා පුද්ගලයන් පිළිබදව ආරක්ෂක අංශ විමසිල්ලෙන් සිටිනු ඇති.