නීතිය හා සාමය ෆොන්සේකාට, කැබිනට් සංශෝධනය කල් යන හේතුව මෙන්න

ආන්දෝලනයට තුඩු දී තිබෙන කැබිනට් සංශෝධනය ලබන 25ස් වැනිදා සිදු කිරීමට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. මැතිවරණයෙන් වත්මන් රජය නියෝජනය කරනා දේශපාලන පක්ෂ ලැබූ පරාජය සැලකිල්ලට ගනිමින් මෙම කැබිනට් සංශෝධනය සිදු කිරීමට නියමිත බව වාර්තා වුණා.

කෙසේ වෙතත් මෙම කැබිනට් සංශෝධනය පසුගිය 21ස් වෙනිදා සිදු කරනවා යැයි ප්‍රථමයෙන් මත පළවී තිබුනද එම සංශෝධනය දිනෙන් දින කල් ගියා. මේ අතර දැඩි ලෙසට කතාබහක් ඇතිවූ නිතීයා හා සාමය පිළිබද අමාත්‍යංශය හිමි වන්නේ අමාත්‍ය සරත් ෆෝන්සේකාට බවටද විවිධ මතයන් පැතිර ගියා.

අමාත්‍ය සරත් ෆොන්සේකා මේ දිනවල විදේශ ගතව සිටින අතර ඔහු නැවත මෙරටට පැමිණීමට නියමිතව තිබෙන්නේ එලබෙන 25ස් වෙනිදාටයි. මේ අනුව කැබිනට් සංශෝධනය 25ස් වෙනිදාට සිදු වීමට නියමිත බවත්, නිතීය හා සාමය පිළිබද අමාත්‍යංශය බොහෝ දුරට සරත් ෆොන්සේකා අමාත්‍යවරයාට හිමි වීමට ඉඩ ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.