දියතලාව බස් පිපිරීම කොටි හිතවාදීන් බාරගනී..

දියතලාව සිට හෙබරව දක්වා ගමන් ගත් බස් රථයක සිදුවූ පිපිරීමේ වගකීම තමන් විසින් බාර ගන්නා බවට ‘දෙමල ඊළමේ සටන්කරුවෝ’ නම් සංවිධානය විසින් නිකුත් කල බව කියන නිවේදනයක් සමාජ ජාලාවන්හි සැරිසරමින් තිබේ.

පසුගිය නිදහස් දිනය දා බ‍්‍රිතාන්‍ය තානාපති කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයේ යෙදුනු කම සාමාජිකයන්ට මරනීය තර්ජන එල්ල කල බ‍්‍රිගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දුට එරෙහිව මෙම පියවර ගත් බව බව එහි දැක්වෙයි.

කෙසේ වෙතත් මෙම නිවේදනය හෝ සංවිධානය සත්‍ය අසත්‍යතාවය සම්බන්දයෙන් වැඩි දුර විස්තර සොයාගත හැකි නොවීය.

ගූගල් සෙවුම් යන්ත‍්‍රයේ හෝ ෆේස්බුක් සමාජ ජාලයේ මෙවන් සංවිධානයක් ගැන කිසිදු තොරතුරක් නැත.

අදාල නිවේදනය මෙතනින්