රනිල් අගමැති ධුරයට ඕනද..? එපාද..? ජනමත විචාරණයක්..

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයේ තවදුරටත් සිටිය යුතුද නැද්ද යන්න විමසමින් ජනමත විචාරණයක් පැවැත්වීම සුදුසු යයි නීති උපදෙස් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලැබී ඇති බව නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරයි.

විධායක ජනාධිපතිවරයාට හිමි විධායක බලතල අනුව රට තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහතික කිරීම සදහා මෙම ජනමත විචාරණය කැදවිය හැකි බවට උපදෙස් ලැබී ඇති බවද සදහන්ය.

මේ තත්වය මත ඉදිරියේදී ජනාධිපතිවරයා විසින් තීරණයක් ගනු ඇති බවත් ආරංචි මාර්ග කියයි.

ජනමත විචාරණයක් පැවැත්වීම සදහා ජනාධිපතිවරයා විසින් ඉල්ලීමක් කර දින 30ක් තුලදී මැතිවරණ කොමිසම විසින් එය පැවැත්වීමට කටයුතු කරනු ඇත.

එහිදී අගමැතිවරයා 50%ට වැඩි ඡන්ද ප‍්‍රමාණයක් ලබාගෙන සිය සුදුසුකම තහවුරු කල යුතු වනු ඇත.

– ලංකා C නිවුස්