අගමැතිටම තීන්දුවක් ගන්නැයි ජනපති කියයි…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ(12) රාත්‍රියේදි පැවති අතර පැය 02 ක පමණ කාලයක් එම සාකච්ඡාව පවත්වා තිබේ.

ජනතා බලාපොරොත්තු සහ මැතිවරණ ප්‍රතිඵල සැලකිල්ලට ගනිමින් තමාට තීරණයක් ගැනීමට සිදුව ඇති බව මෙහිදී ජනාධිපතිවරයා අගමැතිවරයාට දැනුම්දී ඇත.

එ අනුව මේ තත්වය පිළිබඳ අවධානය යොමුකරමින් ඊට ප්‍රථම අග්‍රාමාත්‍යවරයාටම තීරණයක් ගන්නා ලෙස ජනාධිපතිවරයා ඉල්ලා ඇති බවද වාර්තාවේ.

මෙම සාකච්ඡාවට අමාත්‍යනරුන්න් වන මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, මහින්ද අමරවීර, සහ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල යන මහත්වරුන්ද සහභාගීවී ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.