දකුණු ආසියා වේග රැජිණට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරග බිම අහිමිවීමට වගකිව යුත්තෝ කවුද?

දකුණු ආසියා වේග රැජින ලෙස කිරුළු පලන් රුමේශිකා රත්නායක මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය තරග බිමට නොයාම ලෝකයේම අවධානයට ලක්වෙන කරුණක් වෙනු නොඅනුමානය. ඇය එසේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සදහා පිටත් කර හැරීම මලල ක්‍රීඩා සංගමය විසින් නොකරන්නේද ඇය විසින් එය ප්‍රතික්ශේප කලාද යන්න තවම අනාවරණය නොවූ සිද්ධිය කි.

මලල ක්‍රීඩා සංගමයේ සභාපති වරයා කියා සිටින්නේ ඇයට අනෙක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ට සේම තෝරා ගැනීම් පරීක්ෂණ සදහා කැදවා ඇති බවයි. රුමේශිකා මේ බව දැන සිටියත් මෙම තේරීම් කරන අවදියේම ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය මත ඔස්ට්‍රේලියාවේ පුහුණුවීම් සදහා පිටත්ව යාමට කටයුතු සලසා දී ඇත. මේ බව ක්‍රීඩා අධ්‍යක්ශක විජේරත්න ද දැන සිටි කරුණකි .නමුත් ඇය ඒ බව මලල ක්‍රීඩා සංගමය දැනුවත් කර නොතිබිණි. ඇයට ජනවාරි 25 ඔස්ට්‍රේලියාවට පිටත්ව යාමට තිබුණද ගුවන් ටිකට්පත් ගැටලුවක් නිසා 29 වනදා පිටත් විය.

මලල ක්‍රීඩා සංගමයේ තෝරා ගැනීම් සහ පුහුණු කිරීම් මේ දිනවල ම තිබුණද ඇය ලංකාවේ සිටියද එයට නොපැමිණීම වරදක් බව එම සංගමයේ සභාපති වරයා කියා සිටී. පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩකයන් වර්ග කිරීමට අනුව රුමේශිකා සිටින්නේ මීටර් 200 ඉසවුවේ බවද එබැවින් ඇය පුහුණුව සහ තේරීම අනිවාර්‍යෙන් කළ යුතු බවද මලල ක්‍රීඩා සංගමය කියා සිටී.

එසේම දකුණු ආසියා ජය පොදුරාජ්‍ය මණ්ඩල තරගය සදහා ප්‍රමාණවත් නොවන බවද සංගමය කියා සිටී. මෙහිදී ඔවුන් සෘජුවම කියාසිටින්නේ රුමේශිකා ගේ පුහුණුකාරිණිය වන නන්දාවතී මෙනවිය මේ සදහා නොසැලකිලිමත් ව ක්‍රියා කළ බවයි. ඇගෙන් පුහුණුව ලබන ක්‍රීඩිකාව සදහා මලල ක්‍රීඩා සංගමයට පැමිණ කතා කල යුතු බවත්. එසේ කතා කලේ නම් මෙය සමථයකට පත් කිර්‍රීමට තිබුණ බවත් සංගමය කියා සිටී. එහෙත් එවන් පථයක පුහුණුව අනිවාර්‍ය නොවන බව පෙනෙන්නේ මීට පෙරද එසේ ක්‍රීඩා කල අයෙක් සිටින නිසාවෙනි.

රුමේශිකා ගේ ක්‍රීඩා සංවර්ධන කටයුහු සදහා කැපවීමෙන් බොහෝ කටයුතු සිය වියදමින් පවා කර දෙන මේ පුහුණුකාර්ණිය මෙසේ ක්‍රීඩාවේ ශ්‍රී ලංකාවේ සහ පෞද්ගලික ව රුමේශිකාගේ අවස්ථාව අහිමි වන තැනට ක්‍රියා නොකරන බව සියලුම ක්‍රීඩා ලෝලීන් ගේ අදහස වේ. කෙසේ වෙතත් ඇයගේ මෙම කළකිරුණු ස්වභාවය නිසා පොදුරාජ්‍ය මණ්ඩලීය වේග කිරුල ලක් මවට අහිමි වන තැනට කරුණු සිදු වෙමින් පවතී.

කෑගල්ල
රෝහිණී ජයසේකර