පරාජිත ආණ්ඩුව වහාම ගෙදර යා යුතුයි, ශ්‍රී.ල.නි.ප. සභාපතිකමත් මහින්දට ඕන, පොහොට්ටුවෙන් තවත් ප්‍රහාරයක්!

පළාත් පාලන මැතිවරණ ප්‍රතිපලය අනුව මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ඨ ජයග්‍රහණයක් අත් කරගෙන ඇති නිසා පරාජය පිළිගෙන ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකයින් පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායක ජී.එල්. පීරිස්, වීමල් වීරවංස සහ දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් මේ බව පේනවා දුන්නේ අද උදෑසන බත්තරමුල්ල නෙලුම් මාවත පක්ෂ මුලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී.

වැඩි දුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පෙන්වා දුන්නේ 2015 ජනවාරි 8 ජයග්‍රහණයෙන් පසු මහින්දගේ ජන වරම අහෝසි බව කියමින් මන්ත්‍රීවරුන් 46ක් සිටි රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස දිවුරුම් දුන්නානම් වර්තමාන තත්වයටද එය ගලපාගෙන ඔහු වහාම ඉල්ලා අස්විය යුතු බවයි.

මේ අතර ජී.එල්. පීරිස් මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොලොන්නරුව දිස්ත්‍රික්කයද වැඩි ඡන්ද 8000කින් පමණ ජයගෙන ඇති බවයි.

මේ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරයා සමග නැති බව අනාවරණය වී ඇති නිසා ඔහු පක්ෂ සභාපතිධුරයෙන් වහාම ඉවත් විය යුතු බවයි පීරිස් මහතා පෙන්වා දුන්නේ.