“අපි පරදින්නෙ ඔබතුමා නිසා..” හරීන් රනිල්ගේ මූණටම කියයි!

මෙම පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් වන බව දැනට සිදු කර ඇති සියලූ සමීක්ෂණවලින් පෙනී ගොස් ඇති බවත් රාජ්‍ය බුද්ධි අංශ වාර්තා සියල්ල මගින්ද ඒ බව තහවුරු වී ඇති බවත් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවේ පවසා තිබේ. එහිදී හරීන් ප‍්‍රනාන්දු අමාත්‍යවරයා අගමැතිවරයාට පවසා ඇත්තේ මෙම පරාජයට රනිල් වික‍්‍රමසිංහ මහතා සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවයි.

“යූ.එන්.පී. ය නැත්තටම නැතිවෙලා තිබිච්ච වෙලාවේ මමයි ඌව ඡුන්දෙට ගිහින් යූ.එන්.පී. ය බේර ගත්තේ..”

“පාර්ලිමේන්තුවෙන් අයින් වෙලා ලොකු අවධානමක් අරගෙන මමයි එදා ඔබතුමාවයි, යූ.එන්.පී. යයි බේර ගත්තේ… එතනදි තමයි 2015 අපිට දිනන්න පුළුවන් තත්වෙ හැදුණේ..”

“ඒත් දැන් ඒ ඔක්කොම විනාශ වෙලා. අපි අනිවාර්යෙන්ම පරදිනවා. ඒකට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනි ඔබතුමා.”

“දිනන කොට තමුසෙලා… පරදින කොට මම… ඒක මාර තියරියක්නෙ අයිසේ..”

“මාර තියරියක් නෙමේ සර්… ඒක තමා ඇත්ත..”

“තමුසෙගෙ ඇත්ත නැත්තෙන් මට වැඩක් නෑ… පරාජයේ වගකීම භාර ගන්න කියනවා දිස්ත‍්‍රික්කවල ඉන්න මන්ත‍්‍රීවරුන්ට. එච්චරයි. මට තමුසෙගෙ වල් පල් අහන්න වෙලාවක් නෑ…”

අගමැති රනිල් වික‍්‍රමසිංහ එසේ පවසද්දී ඇමති හරීන් එම ස්ථානයෙන් නික්ම ගොස් ඇත්තේ අසුන්ගෙන සිටි පුටුවටද පයින් ගසමින්.