දෙපිළේම පිතිකරුවෝ දඟයන්ට ඇඹරෙද්දි වැඩි වාසි ලංකාවට – ඊයේ දිනයේ විශේෂ අවස්ථා මෙන්න

සංචාරක ශි‍්‍ර ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය මීර්පූර් හිදී ඊයේ (08) ආරම්භ වුණා.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශි‍්‍ර ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 222ක් රැස් කළා.

කුසල් මෙන්ඩිස් ලකුණු 68ක් සහ රොෂේන් සිල්වා ලකුණු 56ක් රැස් කරමින් පිත්තෙන් දස්කම් දැක්වූවා. පන්දු යැවීමේ දී අබ්දුර් රසාක් හා ටයිජුල් ඉස්ලාම් කඩුලූ 04 බැගින් බිඳ හෙළුවා.

කෙසේ වෙතත් ඊයේ (08) දිනය අවසන් වෙද්දි තරගයේ වැඩි වාසි අත්කර ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ, බංග්ලාදේශ පළමු ඉණිමේ කඩුලූ 04ක් ලකුණු 56ක් තුළ බිඳ හෙලමින්. පන්දු යැවීමේ දී සුරංග ලක්මාල් ලකුණු 15කට කඩුලූ 02ක් සහ දිල්රුවන් පෙරේරා ලකුණු 25කට එක් කඩුල්ලක් බිඳ හෙලූවා.

ශ්‍රී ලංකා පිලේ කඩුලු වැටීම සහ ඊයේ දිනයේ තරඟයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න.