LTTE හිතවාදීන්ට එරෙහිව තනිවම නැගිසිටි බ්‍රිගේඩියර් ප්‍රනාන්දු ගැන ඔබ නොදන්නා පැත්ත මෙන්න

ශ්‍රී ලංකා 70 වන නිදහස් දින සැමරුමට එරෙහිව ලන්ඩන් නුවර මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවති LTTE හිතවාදීන්ගේ උද්ගෝෂණය අතරතුර ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ගේ අමුතු හැසිරීම නිසා ඔහුගේ වැඩ තහනම් කිරීමත් සමග එය අසාධාරණ යැයි පවසමින් හා ඔහු වීරයෙක් යැයි පවසමින් මුහුණු පොතේ හා අනෙකුත් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ මත පළවන්නට පටන් ගෙන තිබු අයුරු සමාජ ජාලයන්හි සැරිසරන ඕනෑම කෙනෙකුට දකින්නට හැකියාවක් තිබුණා.

නමුත් තනතුරෙන් ඉවත් කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙහි යළි පිහිටු වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යුධ හමුදාවේ අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබු අතර එම උපදෙස් අනුව ඔහුට අහිමි වූ එම තනතුර නැවත ලබා දීම සඳහා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඇතුළු පිරිස කටයුතු කර ඇතැයි සඳහන් වූවා.

ලෝකයම කථා කරන මේ හමුදා නිලධාරියා කොළඹ ඩි.එස්. සේනානායක විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා හමුදා සේවයට එක්වුණේ 1986 වසරේදී. මේ ඔහු ගැන තොරතුරුයි.