කොළඹ පුරපති අපේක්ෂක මිලින්ද රාජපක්ෂ තරුණ ඔබෙන් කරන ඉල්ලීම මෙන්න

මිත්‍රයා, ඉතිහාසය විසින්, ඉතිහාසයේ කටුකම මොහොතවල් වලදී, අපිටත් ඉතිහාසයට එකතුවෙන්නැයි ඉල්ලා සිටිනවා. 1818 වේවා 1948 වේවා 1988 වේවා, රට සහ රටේ ඉරණම ඉතිහාසය විසින් උරගා බැලුවේ ඒ මොහොතේ තරුණ පරම්පරාවේ උර මතිනුයි. මට මතක, මට දැනුණු ඒ මැදිහත්වීම අපේ පරම්පරාව විසින් සිදුකලේ 2008 අවුරුද්දේ. මගේ සමකාලීන තරුණ පරම්පරාවේ කොන්දේසි විරහිත කැපකිරීම මත වසර 30ක කාලකණ්නි යුද්ධය ඉතිහාස පොතට එකතු වුන ගමන පණ ගැහුනේ ඒ අවුරුද්දේ. 1818 ඌව වෙල්ලස්ස කැරැල්ලෙන් අවුරුදු 190 කට පස්සේ ශ්‍රී ලාංකීය ඉතිහාසය විසින් තරුණ පරම්පරාවක මැදිහත්වීම ඉල්ලා සිටියා පමණක් නොවෙයි මගේ පම්පරාව විසින් ඒ යුතුකම නොපැකිලිව ඉෂ්ඨද කළේය.

වෙල්ලස්ස කැරැල්ලෙන් අවුරුදු 200 කුත් සුද්දෝ ගිහින් අවුරුදු 70 කුත් නිදහස සහ සාමය දිනාගෙන අවුරුදු 10 කිනුත් පසු, 2018 අවුරුද්දේ – මේ මොහොතේ, ශ්‍රී ලාංකීය ඉතිහාසය විසින් ඔබෙනුත් මගෙනුත් ඉල්ලා සිටින්නේ කුමක්ද?

2009 නන්දිකඩාල් වලින් පස්සේ මේ රට අලුත් රටක් වුනා. සෞභාග්‍යයමත් රටක් වුනා. කොල්ලෝ දහස් ගණනක් යුධ පිටියෙදි වන්දි ගෙවල තව ලක්ෂ ගණනක් කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ ජිවිත අර්ථවත් කළා. ඒ අලුත් රටේ වාසනාවන්තම පරම්පරාව විදියට ඉතිහාසයට අපිව එක්වෙමින් තිබුණා. මුල් වතාවට අපේ රට ගැන, අපේකම ගැන, අපේ අනාගතය ගැන අපි ආඩම්භර වුනා. ආර්ථික සාමාජයීය සහ සංස්කෘතික හුස්ම ඇතුලේ බලාපොරොත්තු සහගත බවක් තිබුනා. සමහරවිට ඉතිහාසයේ ලොකුම බලාපොරොත්තු සහ ලස්සනම සිහින දකින්න පටන්ගත්ත තරුණ පරම්පරාව අපි වෙන්න ඇති.

ඉතිහාසය ඔබෙන් ඇහුවොත්, ඒ අභිමානය අදටත්, මේ මොහොතටත් වලංගුද කියල? උත්තරේ ගැන මම විවරණ ලියන්නෙ නෑ.

ඉතිහාසය ඔබට එක දෙයක් මතක් කර දේවි. ඒ තමයි දිනු නිදහස අයිති අපිට බව. දිනු නිදහස මත දියුණුවුණ ආර්ථිකයේ ප්‍රතිලාභ අයිති අපිට බව, අලුතෙන් හදපු වරාය ගුවන් තොටුපල අයිති අපට බව, මේ සාරවත් පොළව සහ තේ පොල් රබර් අයිති අපිට බව, උස බිල්ඩින් අලුත් කර්මාන්තශාලා හැදුනෙ අපිට බව, මහා බැංකුවේ සල්ලි අපේ බව, සිංහ කොඩියේ අභිමානය අපේ බව. අපිට නිකං ලැබුණා නොව අපේ පරම්පරාව විසින් දිනාගත් බව.
මිත්‍රයා, වැදගත් වන්නේ ඔබේ ජාතිය කුලය ආගම නොවෙයි, ඒ ශ්‍රී ලාංකීය අභිමානය ඔබට නැවත ඕනද නැද්ද කියන කාරණයයි. වැදගත් වන්නේ ඔබේ ආර්ථික පවුල් පසුබිම නොවෙයි, ඒ සෞභාග්‍යය නැවත උදාකරගන්නේ කොහොමද කියන එකයි. වැදගත් වන්නේ ඔබ සටන් කාමියෙක්ද විප්ලවවාදියෙක්ද කියන එක නෙමෙයි, මේ පරාධීන සහ අදුරදර්ශී ආණ්ඩුවෙන් අපේ රට බේරගන්න, අඩුම ගානේ, පෙබරවාරි 10 වෙනිදට චන්ද පොළට යන්න පුළුවන්ද කියන කාරණයයි.

1818 තරම් ලේ හලන්නවත් 1948 තරම් සුද්දන්ගේ කකුල් හෝදන්නවත් 2008 තරම් ආයුධ අතට ගන්නවත් අවශ්‍ය නැහැ. කියන දේ කරපු මිනිහෙකුට, ස්වාධීන මිනිහෙකුට, පණ ඇති මිනිහෙකුට, මිනිස්සු ආදරේ මිනිස්සුන්ට ආදරේ මිනිහෙකුට, රට ගැන දන්න රටම දන්න මිනිහෙකුට සහ නුතනවාදී මිනිහෙකුට රට බාරදෙමු. එතකොට අපිට නිදහසේ නිදියල අලුත් හීනත් එක්ක නැගිටින්න පුළුවන්.

මාටින් ලුතර් කින්ග්, නෙල්සන් මැන්ඩෙලා, මහත්මා ගාන්ධි කියන්නේ නිකන්ම නිකන් හුදෙකලා මිනිස්සු පිරිසක් වෙන්න තිබුණා ඒ මොහොතේ තරුණ පරම්පරාවන් විසින් ඔවුන්ව තනි කලානම්. නමුත් අපේ ඉතිහාස කතාවේ ඔවුන්ට ගෞරවනිය ඉඩක් තියෙන්නේ අද අපි වගේ, එදා තරුණ පරම්පරාව එලියට බැහැපු නිසා, බර කරට ගත්ත නිසා, නිවට නොවුන නිසා සහ මනුෂ්‍ය සංහතියේම සිහින තමුන්ගේ සිහින වගේ ආදරෙන් රැක බලා ගත්ත නිසයි.

මේ රටේ, සිංහල දෙමළ, මුස්ලිම් හැම මිනිහෙකුගෙම හීන දිනවන්න යැයි ඉතිහාසය විසින් අපෙන් ඉල්ලා සිටිනවා. නායකයෙකුත් ඉන්නවා. අපි ළග වැඩපිළිවෙලකුත් තියෙනවා. ඔබ පෙබරවාරි 10 වෙනිදාට මේ බර පැන්සල් කතිරයට දෙන්න.

සිය දහසක් නෙළුම් පොහොට්ටු පුබුදුවාලන්න. ඉතිහාස පොතේ අපිටත් ඉඩක් වෙන් වේවි.

– මිලින්ද රාජපක්ෂ