ඡන්දෙ දෙන්න ඕන කාටද..? මෙවර මැතිවරණයේදී ඡන්දෙ දෙන්න ඕන කෙනා ගැන සංගා හෙළි කරයි..!

මෙවර පළාත් පාලන මැතිවරණයට ඉතිරිව තිබෙන්නේ තවත් දින කිහිපයක් විතරයි. ඒ හින්දම මේ දවස් වල මැතිවරණ ප්‍රචාරන කටයුතු බොහොම ජයට සිදු වෙනවා. බොහෝ අපේක්ෂකයන් තමන්ගේ දේශපාලන පොරොන්දු, අනාගත සැළසුම් ජනතාවට ඉදිරිපත් කරද්දි ඒ දේවල් ගැන බුද්ධිමත්ව හිතලා ඡන්දය පාවිච්චි කරන එක ඡන්ද දායකයින්ගෙ වගකීම වෙනවා.

මේ කාරණාව හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරත් සියළුම ශ්‍රී ලාංකික ඡන්ද දායකයින්ට Twitter පණිවිඩයක් නිකුත් කරමින් කියලා තිබුණා. ඒ ඇමෙරිකානු 6 වන ජනාධිපති ජෝන් ඇඩම්ස් කියපු පාඨයක්ද උදාහරණයකට ගනිමින්. ඒ අනුව සංගක්කාර කියන්නෙ ඔබ ලංකාවෙ කොතනක හිටියත් එළඹෙන 10 වෙනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී නරක පුද්ගලයින් තෝරාපත්කර ගන්න එපා කියලා.

කොහොම උනත් හොද පුද්ගලයින් විසින් නරක පුද්ගලයින් නරක පුද්ගලයින් තොරා පත්කරගන්න එපා කියලා මතක් කරල දෙන සංගක්කාර මෙවර මැතිවරණයේදී හොඳ පුද්ගලයින් තෝරාගැනීමට නායකත්වය ලබා දීම බොහෝ දෙනාගේ ඇගයීමට ලක්වෙලා තියෙනවා.