මහේල දික්කසාද වූ ​බව කියන පුවතට පළමු වරට උත්තර දෙයි!

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සිය බිරිඳගෙන් දික්කසාද වන බවට පසුගිය දිනවල රාවයක් පැතිර ගියා.

මේ බව ඔහුගේ ඇතැම් සමීපතයින්ද තහවුරු කළ බවයි සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණේ. ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදැක් වූ මහේල පළමුවරට ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඉන්ස්ටග්‍රෑම් හරහා සිය බිරිඳ වන ක්‍රිස්ටිනා සිරිසේන සහ සිය දියණිය සමඟ ලන්ඩන් නුවරට සංචාරය කළ ඡායාරූපයක් ප්‍රසිද්ධ කර ඇත්තේ මහේලගේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහායි.

එම ඡායාරූපයට ප්‍රතිචාර දක්වමින් ඔහුගේ රසිකයින් උණුසුම් ප්‍රතිචාර දක්වමින් ඉල්ලා ඇත්තේ සිය පවුල සමඟින් සතුටින් සිටන ලෙසයි.

කෙසේ වෙතත් මීට පෙර මහේල ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ බිරිඳගේ නම එකතු කර සඳහන්ව තිබුණත් දැන් සඳහන් වන්නේ Mahela27 ලෙසයි.