බෙල්ලන්විල නා හිමිගේ අපවත්වීම ගැන පිළිකා රෝහලේ වෛද්‍යවරයා සැක පළ කරයි!

කවර අයකුගේ වුවද දුකෙහිදී පිහිටවීමට තරම් කාරුණිකව ක්‍රියා කල මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සම්බුදු සසුන්කෙත ඒකාලෝක කරන මහා පහන් ටැඹකි.

මෙරට බෞද්ධ ජනතාවගේ ගෞරවනීය මාර්ගෝපදේශකයාණන් වහන්සේ මෙන්ම අර්ථයෙන්, ධර්මයෙන් අවවාද අනුශාසනා සිදු කරනු ලැබූ ආදර්ශවත් අනුශාසකයන් වහන්සේ වුයේද මෙරට වැඩ සිටින උගත්, ගුණවත්, සිල්වත්, ධර්ම, විනයධර සංඝපීතෘන් වහන්සේ ය.

එබඳු මහා යතිවරයන් වහන්සේ අද කිසිවෙකු නොසිතු තරම් ඉක්මනට මෙලොවින් සමුගෙන ගොස් ඇත.

ඇත්තටම සිදුවුනේ කුමක්ද? ඉහලට ගත් හුස්ම පහලට හෙලීමට පෙර මේ සිදුවූ දෙය අදහාගත හැකිද? බෙල්ලන්විල විමලරතන අනු නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මියයාම සැක සහිත බව පවසමින් ජාතික පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක තැබූ සටහනක් අප මෙලෙස ඔබට ගෙන එන්නෙමු.

“වෙෙද්‍ය වරයෙක් ලෙස බෙල්ලන්විල විමලරතන ස්වාමින් වහන්සේගේ භාරකරුවන්ගෙන් මට ප්‍රශ්න කීපයක් අැසිමට අැත.

පලමුව ශල්‍ය කර්මයට භාජනය වී කලුබෝවිල මහ රෝහලේ දැඩි සත්කාර එ්කකයේ සිටි නාහිමියන් හිටි ගමන් පෟෙද්ගලික රෝහලකට ගෙන ගියේ කවුරුන්ද?

එ් කිනම් වෙෙද්‍ය විද්‍යාත්මක පදනමක් මතද?

පන්සලේ හස්තියා විසින් පහර දුන් බව වසන් කරමින් හදිසි අනතුරකින් නාහිමියන් තුවාල වු බවට බොරු කිවේ අැයි?

ඉල අැට කිහිපයක් කැඩි, අස්ථි භග්න සහිත නාහිමියන්ට සුලු, සුලු තුවාල අැතැයි මාධ්‍යයට පැවසුවේ මොකාද?

සැමවිටම මෙලෙස සැක සහිත ලෙස මිය යන්නේ වැඩකට නැති අපතයන් නොව සසනඹර එකලු කරමින් හුදි ජනයාගේ බුද්ධිමය නිම් වළලු ප්‍රසාරණය කල ශ්‍රේෂ්ඨ යතිවරැන්ය.

Then Again there are some Gray areas regarding the death of venerable Bellanwila Wimalaratna. Please answer my questions as I have a right to ask those as a medical man.”

උපුටා ගැනීම වෛද්‍ය වසන්ත දිසානායක මහතාගේ පිටුවෙන්.