සුපිරි සංගා හා මහේලවත් පසුකර යමින් ධනංජයද සිල්වා අද තැබූ වාර්තාව මෙන්න..!

බංග්ලාදේශයට එරෙහිව මේ වන විට පැවැත්වෙන තරඟයේදී, ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගයෙන්ම ටෙස්ට් ලකුණු 1000 සම්පූර්ණ කළ ක්‍රීඩකයන් අතර සම තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ධනංජය සිල්වා සමත්වූයේය.

සිය 12 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ධනංජය මේ වන වින විට නොදැවී ලකුණු 170ක් රැස්කරගෙන සිටින අතර, ඔහු ඉනිම 23කින් ලකුණු 1000 (1002) සම්පූර්ණ කළේය.

මෙය ධනංජය සිල්වාගේ සිව්වන ටෙස්ට් ශතකය වන අතර එය පිට පිට ඔහු ලබාගත් දෙවන ශතකයයි.

මීට පෙර ශ්‍රීලංකාව වෙනුවෙන් ඉනිම 23කදී එම දස්කම පෑමට රොයි ඩයස් (1982), මයිකල් වැන්ඩොට් (2008) සමත්වී තිබුණේය.

මහේල ජයවර්ධන (24), තිලාන් සමරවීර (24), කුමාර් සංගක්කාර (25), දිනේෂ් චන්දිමාල් (25) අඩුම ඉනිම් සංඛ්‍යාවකින් ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගයෙන්ම ටෙස්ට් ලකුණු 1000 සම්පූර්ණ කළ ක්‍රීඩකයෝ වෙති.