ස්පා බෝඩ් එක ගහගෙන ලොකු ලොක්කන්ට සැප දෙන රත්මලානේ අමුතු තැන..

ආයුර්වේද සම්බාහන මධ්‍යස්‌ථානයක්‌ මුවාවෙන් කලක පටන් කරගෙන ගණිකා නිවාසයක්‌ රත්මලාන, කටුකුරුඳුවත්ත ප්‍රදේශයේදී ගල්කිස්‌ස කොට්‌ඨාස දූෂණ මර්දන අංශය විසින් වටලා තිබෙනවා.

එහිදී ගණිකා සේවයේ නියැලුණු කාන්තාවන් 9 දෙනෙකු සහ කළමනාකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් කතුන් මොණරාගල, මාරවිල, පාදුක්‌ක, තවලම, අනුරාධපුරය, දෙහිවල, ඌරගස්‌මංහන්දිය, රත්මලාන යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 20 ත් 40 ත් අතර වයසේ පසුවන්නියන් බවයි හෙළි වී ඇත්තේ

සම්භාහන මුවාවෙන් පවත්වාගෙන ගිය මෙම මෙම ගණිකා නිවාසයට විවිධ පැලැන්තියේ පුද්ගලයන් පැමිණ ඇති බවද හෙළි වී තිබෙනවා.

ගල්කිස්‌ස කොට්‌ඨාස දූෂණ මර්දන අංශයේ ස්‌ථානාධිපති, ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක උදය කුමාර මහතා ඇතුළු නිලධාරීහු කණ්‌ඩායමක්‌ විසින් මෙම වැටලීම සිදුකර තිබෙනවා.